Home අද “උරුමය” ඔප්පු ලක්ෂ විස්සකට දෙන අතරේ තරුණ ව්‍යවසායකයින් මිලියනයක්

“උරුමය” ඔප්පු ලක්ෂ විස්සකට දෙන අතරේ තරුණ ව්‍යවසායකයින් මිලියනයක්

2175
0

පවුල් ලක්ෂ 20 ක් සඳහා සින්නක්කර ඔප්පු ලබාදීමේ “උරුමය, වැඩසටහනෙහි දෙවන අදියරට අදාල මූලික වැඩසටහන අද(18) ආරම්භ විය.

ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේ ඉඩම් අයිතිය තහවුරු කරන ජාතික ක්‍රියාන්විතය යන තේමාවෙන් ඇරඹුන එම වැඩසටහන සමගම තරුණ ව්‍යවසායකයින් මිලියනයක් බිහිකිරිමේ ජාතික ක්‍රියාන්විතයට අදාල අයදුම්පත්‍ර ද ලබා දීමට නියමිත අතර ඊට අදාල දැනුවත් කිරිමේ පත්‍රිකා හා ඉල්ලුම්පත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළද අද ආරම්භ කරනු ලැබීය.

මෙහි පළමු අදියර යටතේ පවුල් දසදහසකට ඉඩම් ඔප්පු ලබාදීම පසුගිය දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ලේ දී සිදුකෙරිණි. මෙහි දෙවන අදියර යටතේ ලබාදීමට නියමිත සින්නක්කර ඉඩම් ඔපුප් සංඛ්‍යාව දසලක්ෂයකි.

තරුණ ව්‍යවසායකයින් බිහිකිරීමේ වැඩසටහන හරහා මිලියනයක ව්‍යවසායකයින් බිහිකරන අතර ඒ සදහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට ද නියමිතය.

Previous articleආර්ථි­කය ශක්තිමත් කරන්න IMF-ශ්‍රී ලංකා කරුණු 16ක ක්‍රියා­කාරී සැලැ­ස්මක්
Next articleකොළඹ හා අවට වාහන පාල­න­ය කරන්න අලුත් පොලිස් ඒක­ක­යක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here