Home අද ආර්ථි­කය ශක්තිමත් කරන්න IMF-ශ්‍රී ලංකා කරුණු 16ක ක්‍රියා­කාරී සැලැ­ස්මක්

ආර්ථි­කය ශක්තිමත් කරන්න IMF-ශ්‍රී ලංකා කරුණු 16ක ක්‍රියා­කාරී සැලැ­ස්මක්

2033
0

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ ඉලක්ක සම්පූර්ණ කර­මින් ශ්‍රී ලංකා ආර්ථි­කය යථා තත්ත්ව­යට පත් කර ගැනීම සඳහා කරුණු 16කින් යුත් ක්‍රියා­කාරී සැලැ­ස්මක් ක්‍රියා­ත්මක කිරී­මට ශ්‍රී ලංකා රාජය සහ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල තීර­ණ­ය­කට එළඹ තිබෙනවා.

පාල­නයේ විනි­ශ්චය හෙවත් government Diagnostic යන සංක­ල්පය යථා­වත් කර ගැනීම සඳහා මෙම සංක­ල්පය ක්‍රියා­වට නැංවීමට නිය­මි­තය.

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ නියෝ­ජි­ත­යන්ද ජනා­ධි­පති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආර­ක්ෂාව පිළි­බඳ ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක සාගල රත්නා­යක, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේම­සිංහ මහ­ත්ව­රුන් සහ මහා බැංකු ප්‍රධා­නීන් මෙම සාක­ච්ඡා­වට සහ­භාගි වී ඇත.

පළමු පිය­වර ලෙස මුලින් කරුණු 14ක් ක්‍රියා­ත්මක කිරී­මට ශ්‍රී ලංකා පාර්ශ්වය මෙහි දී එක­ඟ­තාව පළ කර ඇති අතර කරුණු දෙකක් ක්‍රම ක්‍රම­යෙන් පසු­වට ඉටු කිරී­මට එක­ඟ­තාව පළ කර තිබේ. ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුව ආදි­යෙහි දූෂණ වංචා නතර කිරීමේ ක්‍රියා­ව­ලිය නිශ්චි­තව සකසා ගැනී­මෙන් පසු එම කරුණු දෙක සම්පූර්ණ කිරීම රජයේ ඉල­ක්කය වී ඇත.

ක්‍රියා­ත්මක වන කරුණු අතර අල්ලස් කොමි­සම ශක්ති­මත් කිරීම, රාජ්‍ය යන්ත්‍ර­ණයේ නිවැ­රදි පාල­නය ආදිය වේ.

Previous articleගාසාහි ළමන් වෙනුවෙන් ජන­පති ඇරඹූ අර­මු­ද­ලට ලක්ෂ 58ක්
Next article“උරුමය” ඔප්පු ලක්ෂ විස්සකට දෙන අතරේ තරුණ ව්‍යවසායකයින් මිලියනයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here