Home අද පියයුරු එළියෙ දාගෙන යන පෙරහරක් ගියොත් ලෝකයම ගෙන්වන්න පුළුවන් – ලාල් කාන්ත

පියයුරු එළියෙ දාගෙන යන පෙරහරක් ගියොත් ලෝකයම ගෙන්වන්න පුළුවන් – ලාල් කාන්ත

2405
0

නවීකරණය කරන ලද පෙරහැරක් ගාල්ලේ සිට කොළඹට පැමිණියහොත් ලෝකයම ගෙන්විය හැකි බවත් පියයුරු එළියෙ දාගෙන යන ඒවා, පොඩියට ඇඳගෙන සිටින ඒවා එහි තිබිය හැකි බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත පවසනවා.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලාල් කාන්ත මහතා කියා සිටියේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ආවහම මම ඉඳියිද දන්නෙ නැහැ. කියල තියෙන්න ඕනෙ. පෙරහැරක් නවීකරණය කරල අපට මෙහෙම කළ හැකියි. අප්‍රිකානු රටවල් තියෙන ලස්සන නැටුම්, තවත් සංස්කෘතීන්ගේ නැටුම් කෑලි කෑලි දාල, බටහිර තියෙන නවීන අංගත් දාල පෙරහැරක් ගාල්ලෙ ඉඳල කොළඹට මාසයක් කළොත් අපට ලෝකයම ගෙන්නවන්න පුළුවන්. පියයුරු එළියේ දාගෙන යන ඒවා පොඩියට ඇඳපුවා තියෙයි. ලස්සන නැද්ද ඒ විවිධත්වය. ඒක ලස්සනයි. හැබැයි අනන්‍යතාවයන් තියෙන ඒවාත් තිබිය යුතුයි. නුවර පෙරහැර ගන්නකො. පට්ට ලස්සනයිනෙ. මං කැමතියි නුවර පෙරහැර වෙනස් වෙන්නෙ නැත්නම්. ඒක පරණ විදිහටම තියෙන්න ඕනෙ. ඒකට අයත් නැති නැටුමක් දැම්මොත් මොකද වෙන්නෙ. පෙරහැරම ඉවරයි. ඓතිහාසික සිතුවිල්ලත් එක්ක ඒක බලන්න ඕනෙ. එතකොට තමයි විදේශිකයො මෙන්ම අපිත් බලන්න යන්නෙ. යැයිද හෙතෙම මෙහිදී කීවේය.

Previous articleරංජන් ජයලාල් වරප්‍රසාද කමිටුවට කැදවන්න
Next articleපසුගිය වර්ෂයේදී අන්තර්ජාල වැරදි ගැන පැමිණිලි අටදාහකට වඩා ලැබී තිබෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here