Home අද ඇප තියන්න නැති නිසා ණයක් ගන්න බැරි ව්‍යාපාරිකයින්ට ජනපතිගෙන් උදව්වක්.!

ඇප තියන්න නැති නිසා ණයක් ගන්න බැරි ව්‍යාපාරිකයින්ට ජනපතිගෙන් උදව්වක්.!

1322
0

සිය ව්‍යාපාර සඳහා අරමුදල් සපයා ගැනීමට නොහැකි ව්‍යවසායකයන් වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වැඩිදියුණු කිරීමේ නව මුල්‍ය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරිමට රජය සැලසුම්කර තිබේ.

මේ ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ‌ඩොලර් මිලියන 100 ක අරමුදල් සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළකර ඇති අතර මේ ණය මුදල ලබාගැනීම සඳහා අදාළ ගිවිසුම් වලට එළැඹීමට මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති  අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාවට අනුමැතිය පළවී තිබේ.

ආසියානු සංවර්ධන බැංකුවේ අමෙරිකානු ඩොලර් මිලියන 165 ක මුල්‍ය සහාය සහිතව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහනදායී පොලී අනුපාතයන් යටතේ ආයෝජන සහ කාරක ප්‍රාග්ධන ණය සැපයීම සඳහා රජය මඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රම ව්‍යෘපෘතිය ක්‍රියාත්මක කරනු ලැබ ඇත.

සුළු පරිමාණ ව්‍යාපාරිකයින්ට ණය ලබාගැනිමේදී සිදුවන අපහසුතා මගහැරීම සඳහා ජාතික ණය සුරැකුම් ආයතනය ස්ථාපිත කිරීම සඳහා මේ වනවිට අවශ්‍ය පියවර ගෙන ඇති අතර ණය ලබාගැනීම තවදුරටත් දුෂ්කර වි ඇති ව්‍යවසාකයින් වෙනුවෙන් මෙම නව වැඩසටහන හදුන්වාදී තිබේ.

 

Previous articleජනපතිගේ සංචාරයෙන් පසුව චීනයෙන් කරුණු 19ක විශේෂ ප්‍රකාශයක්
Next articleගාසා වැසියෝ කබලෙන් ලිපට – එක්සත් ජාතීන් ගසා තීරයෙන් ඉවත්වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here