Home අද රනිල් සමඟ විමලුත් චීනයේ

රනිල් සමඟ විමලුත් චීනයේ

2028
0

ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා පැවැත්වෙන “තීරය සහ මාවත” ජාත්‍යන්තර සම්මේලනයට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ බෙයිජිං වෙත පැමිණ තිබෙනවා.

ඔක්තෝබර් මස 17 සහ 18 වන දෙදින තුල චීනයේ බීජිං නුවර පැවැත්වෙන මෙම සමුළුව චීනය රජය සත්කාරකත්වය දරන ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික සමුළු දෙකෙන් එකක් බව තානාපති ආරංචි මාර්ග තහවුරු කරයි.

සංවර්ධනය වෙමින් පවතින රටවල් බොහොමයක, විශේෂයෙන් ලතින් ඇමරිකාවේ සහ අප්‍රිකාවේ Xi නියෝජිතයින් විසින් මෙහෙයවන ලද “තීරය සහ මාවත” සමුළුව (BRI) මෙවර 10 වන සංවත්සරය සනිටුහන් කරයි.

චීන ජනාධිපති ෂී ජින්පිං ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව සඳහා රටවල් 90 කට වැඩි ගණනක දේශපාලන නායකයන් සහභාගිවීමට නියමිතය.

Previous articleජනපති චීනයේ සිව් දින නිල සංචාරයක
Next articleජල සම්පාදන මණ්ඩලය ඩිජිටල්කරණය කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here