Home අද ජල සම්පාදන මණ්ඩලය ඩිජිටල්කරණය කෙරේ.

ජල සම්පාදන මණ්ඩලය ඩිජිටල්කරණය කෙරේ.

1224
0

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) සහාය ඇතිව නවීනතම ඉලෙක්ට්‍රොනික ලේඛන කළමනාකරණ පද්ධතියක් (EDMS) හඳුන්වාදීමත් සමඟ සිය මෙහෙයුම් ඩිජිටල්කරණය කිරීම අරඹා තිබෙනවා.

JICA විසින් 2023 මැයි මාසයේදී ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේ කාර්යක්ෂමතාව සහ සඵලතාවය ඉහළ නැංවීම සඳහා පුළුල් නිර්දේශ ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයහි මෙහෙයුම් ඩිජිටල්කරණය කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික ලේඛන කළමනාකරණ පද්ධතියක් සංවර්ධනය කිරීම සඳහා JICA සහාය ලබා දීමට එකඟ විය.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග JICA හි ප්‍රධාන නියෝජිත Tetsuya Yamada සහ Cyclomax International (Pvt.) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ K.P.N.I. වික්‍රමසිංහ අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ඉකුත් 13 වැනි සිකුරාදා සිදුකරනු ලැබීය.

Previous articleරනිල් සමඟ විමලුත් චීනයේ
Next articleඅලි සහීර් මවුලානා පාර්ලිමේන්තුවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here