Home අද පාර්ලිමේන්තු කාරක සභාවල සභාපති ධූර සැලකිය යුතු ප්‍රමාණයක් විපක්ෂයට ?

පාර්ලිමේන්තු කාරක සභාවල සභාපති ධූර සැලකිය යුතු ප්‍රමාණයක් විපක්ෂයට ?

39
0

පාර්ලිමේන්තුවේ කාරක සභාවල සභාපති ධූර පත්කිරීමේ දී එහි සැලකිය යුතු ප්‍රමාණයක් විපක්ෂයට ලබා දීමට ආණ්ඩුවේ අවධානය යොමු වී තිබේ.

ආණ්ඩුවේ අරමුණ වී ඇත්තේ උපරිම මහජන සේවාවක් සැලසීම බවත් සද්භාවයෙන් විපක්ෂය කටයුතු කිරීමට සූදානම් නම් ඊට අවස්ථාව සලසා දීමට ආණ්ඩුව පසුබට නොවන බවත් පාර්ලිමේන්තුවේ කාරක සභාවල බල තුලනය සම්බන්ධව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ඇමතිවරයෙක් පැවසීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධව ආණ්ඩුව තවදුරටත් සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද එම ඇමතිවරයා සඳහන් කළේය.

2015 වසරේ බලයට පැමිණි යහපාලන ආණ්ඩුව පාර්ලිමේන්තු කාරක සභාවල වැඩි වගකීම් ප්‍රමාණයක් විපක්ෂයට ලබාදී තිබිණි.

Previous articleනවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෙදින වැඩමුළුවට සහභාගීත්වය අනිවාර්යයි
Next articleමහර බන්ධනාගාරයේ ඝාතනය : නීතිපති තීන්දුවෙන් මහේස්ත්‍රාත් මවිත වෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here