Home අද නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෙදින වැඩමුළුවට සහභාගීත්වය අනිවාර්යයි

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෙදින වැඩමුළුවට සහභාගීත්වය අනිවාර්යයි

39
0

මෙවර මහා මැතිවරණයෙන් තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් සඳහා පවත්වනු ලබන තෙදින වැඩමුළුවට මන්ත්‍රීවරුන්ගේ සහභාගිවිත්වය අනිවාර්ය කර තිබේ.

මෙම මස 25, 26 සහ 27 වැනි දිනවල පෙරවරු 9.30 සිට සවස 4.30 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා අංක 01 ශාලාවේදී පැවැත්වෙන මෙම වැඩමුළුවේ දී අත්දැකීම් බොහෝමයක් ලබාගත හැකි හැකි බැවින් ඊට සහභාගී වන ලෙස ආණ්ඩු පක්ෂයේ සියලු නවක මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව උපදෙස් දී තිබේ.

මෙම වැඩ මුළුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ භූමිකාවේ කාර්යභාරය, පාර්ලිමේන්තු වරප්‍රසාද, පාර්ලිමේන්තු කාරක සභා හා එහි ක්‍රියාවලිය, පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදන ක්‍රියාවලිය, ස්ථාවර නියෝග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විදිවිධාන, පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක ඉලෙක්ට්‍රොනික් ඡන්ද ක්‍රමය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අදාළ ක්‍රියාවලිය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ක්‍රියාවලිය ඇතුළු පාර්ලිමේන්තුව මෙන්ම ඒ ආශ්‍රිත ක්‍රියාවලිය පිළිබඳව පුළුල් අවබෝධයක් නවක මන්ත්‍රීවරුන්ට ලබාගත්ත හැකි ආකාරයට මෙමවැඩමුළුව සංවිධානය කරන බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.

වැඩ මුළුවේ සමාරම්භක අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය. කතානායක . නියෝජ්‍ය කතානායක. නියෝජ්‍ය කාරක සභා සභාපති. සභානායක. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක. පාර්ලිමේන්තු මහලේකම්. නියෝජ්‍ය මහලේකම්. සහකාර මහලේකම්. ඇතුළු පිරිසක් සහභාගී වෙති.

Previous articleකැණීම්වලදී මතුවුන විශාල කළුගල නිධානයේ ආවරණය ද?
Next articleපාර්ලිමේන්තු කාරක සභාවල සභාපති ධූර සැලකිය යුතු ප්‍රමාණයක් විපක්ෂයට ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here