Home අද චීනය සාගරය හරහා දිවෙන පළමු දුම්රිය දියත් කරයි

චීනය සාගරය හරහා දිවෙන පළමු දුම්රිය දියත් කරයි

38926
0

සාගරය හරහා දිවෙන පළමු දුම්රිය දියත් කිරීමට චීනය අද(28දා) කටයුතු කර තිබේ.  ගිණිකොණ දිග චීනයේ පුජියාන් ප්‍රාන්ත්‍රයේ තායිවාන සමුද්‍ර සංධියට ආසන්නයෙන් මෙම දුම්රිය මාරගය ඉදිකර තිබේ.  පුජියාන් ප්‍රාන්ත්‍රයේ පසුකර මුහුදු බොකු කිහිපයක් පසුකරමින් දිවෙන මෙම දුම්රිය පැයට කිලෝමීයර් 350 ක උපරිම වේගයකින් ධාවනය කිරීමට හැකියාව ඇති බව චීනය පවසා තිබේ.  පුජියාන් ප්‍රාන්තයේ අගනුවරින් නික්මෙන දුම්රිය කිලෝමිටර් 277 ක් පසුකර ෂියමෙන් නගරයට ගමන් කිරීමට සැලසුම්කර තිබේ.  මුහුද ආශ්‍රිතව වෙරලාසන්නයේ ඉදිකළ දැවැන්ත පාළම් මතින් මුහුද හරහා දිවෙන මෙම අධිවේගි දුම්රිය මාර්ගය චීන රාජ්‍ය දුම්රිය සමුහය විසින් ඉදිකර තිබේ.  ආර්ථික කේන්ද්‍රයක් වන පුජියාන් ප්‍රාන්තය සහ සංචාරක කේන්ද්‍රවන සෙසු නගර සම්බන්ධකිරීම මෙහි අරමුණ ලෙස චීනය සඳහන් කර තිබේ. ෂියමෙන් නගරය දක්වා පැයකට අඩු කාලයකින් ගමන් කළ හැකි අතර මුහුද හරහා දුම්රිය මාර්ගයක් ඉදිකළ ප්‍රථම අවස්ථාව මෙය වේ.

China launches first cross-sea bullet train line near Taiwan Strait | The  Star

 

Previous article ගෝලීය අභියෝගයන්ට මුහුණදිය හැකි ශක්තිමත් ජාත්‍යන්තර සැලැස්මක් වෙනුවෙන් පුළුල් සංවාදයක් අවශ්‍යයි
Next articleරනිල් ජාත්‍යන්තරයට හොඳට ෆේස් කරනවා – කැලණි විහාරයේ නායක හාමුදුරුවෝ කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here