Home අද ලංකාවේ ආහාර සුරක්ෂිතතාව වැඩිවෙමින් පවතිනවා – FAO

ලංකාවේ ආහාර සුරක්ෂිතතාව වැඩිවෙමින් පවතිනවා – FAO

22308
0

 ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු වෙමින් පැවතින බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ප්‍රකාශ කරයි. මේවනවිට  මිලියන 3.9 ක ජනතාවක් එනම්  ජනගහනයෙන් සියයට 17 ක් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්‍ෂිතතාවයෙන් පෙළෙන බවමෙම සංඛ්‍යාව පසුගිය වසරේ ජුනි/ජූලි මාසවලට වඩා සියයට 40 කට ආසන්න අඩුවීමක් වීම විශේෂත්වයක් බවද ඔවුන් සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) විසින් ඒකාබද්ධව සිදු කරන ලද බෝග සහ ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුම (CFSAM) වාර්තාවට අනුව, මෙම කරුණු අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකාවේ 10,000 කට ආසන්න පිරිසක් දැඩි ලෙස ආහාර අනාරක්ෂිතව සිටින නමුත්, එය පසුගිය වසරේ පුද්ගලයින් 66,000 සිට පහත වැටී ඇති බවද ඔවුන් සිය වාර්තාවන් පෙන්වා දෙයි.

ඉකුත් වසරේ පොහොර පිළිබදව ගන්නා ලද විවිධ තීරණ වල ප්‍රතිඵලයක් ලෙස 2021-2022 දී අඛණ්ඩව කන්න දෙකක් සුළු අස්වැන්නක් ලැබීමෙන් වී නිෂ්පාදනය සියයට 40 කින් පමණ පහත වැටී ඇති අතර එය ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවයට බරපතල තර්ජනයක් වු බවද ඔවුන් සඳහන් කර ඇත.

රට තුළ ආහාර සුරක්ෂිතතා පද්ධතිය පහසුවෙන් පීඩාවට පත්විය හැකි බව යන කරුණ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා, අම්පාර, බදුල්ල, හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීන් 275ක් සඳහා ඒකාබද්ධ ශාක පෝෂක කළමනාකරණය (IPNM) පිළිබඳ පුහුණු වැඩසටහන් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් පවත්වන බවද   තිරසාර වී වගාව සඳහා  ප්‍රශස්ථ භාවිතයන් අනුගමනය කිරීමට ගොවීන් පුහුණු කරීමට කටයුතු කරන බවද සඳහන් කරයි.

රසායනික පොහොර මත යැපීම අඩු කරන අතරතුර බෝගයේ අස්වැන්න වැඩි කිරීම සඳහා  කාබනික සහ රසායනික පොහොර ප්‍රශස්ත ලෙස භාවිතා කිරීම සහ පාංශු කළමනාකරණය  පිළිබඳව වී ගොවීන්ට මඟ පෙන්වීම සඳහා මෙහිදී  ව්‍යාප්ති නිලධාරීන්ට පුහුණු කරන බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේය.

Previous articleජූලි චන්ග් ජනපති සමඟ වැඩි හිතවත්කමක්?
Next articleවෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයින් කළුතර වෙරළ තීරය පවිත්‍ර කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here