Home අද ජූලි චන්ග් ජනපති සමඟ වැඩි හිතවත්කමක්?

ජූලි චන්ග් ජනපති සමඟ වැඩි හිතවත්කමක්?

3455
0

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් (Julie Chung) මහත්මිය ද  මෙරට සංචාරයක නිරත ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනෙට් මණ්ඩල සභික ක්‍රිස් වැන් හොලන් (Chris Van Hollen) මහතා   එක්වීම විශේෂත්වයකි.

එමෙන්ම ඇමෙරිකානු තානාපතිවරයෙක් මෙලෙස දළදා පෙරහර නැරඹීමට එක්වීම දැඩිකතාබහකට ලක්ව තිබෙන අතර මේවනවිට ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉතා හොඳ සබඳතාවක් පවත්වන බව පෙනෙන්නට තිබේ.

තනාපතිවරුන් සමඟ ජනාධිපතිවරයා නුවරඑළියේ කළ සංචාරයේදීද ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය කැපීපෙනන දායකත්වයක් ලබාදුන් අතර ඊයේ(30දා) ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනෙට් මණ්ඩල සභික ක්‍රිස් වැන් හොලන් සමග මහනුවර ජනාධිපති මන්දිරයේ දවසක්ම ගතකිරීමද විශේෂත්වයකි.

එහිදි ඔවුන් ජනාධිපතිවරයා සමග මහනුවර ජනාධිපති මන්දිරය සහ ඒ අවට පරිසරය නැරඹීමට ද කටයුතු කර තිබුණි.

PMD News

PMD News

PMD News

PMD News

PMD News

 

Previous articleචන්න දන්නේ නෑ – දොට්ට දැමූ ඩොක්ටර්ගේ මාධ්‍ය ලේකම් කියයි
Next articleලංකාවේ ආහාර සුරක්ෂිතතාව වැඩිවෙමින් පවතිනවා – FAO

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here