Home අද වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයින් කළුතර වෙරළ තීරය පවිත්‍ර කරයි.

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයින් කළුතර වෙරළ තීරය පවිත්‍ර කරයි.

16373
0

ලෝකයේ අලංකාරවත්ම වෙරළ තීරයන් අතරින් කළුතර කැලිඩෝ වෙරළ තීරය දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉහල ආකර්ෂණයක් දිනාගැනීමට සමත් වූ වෙරළ තීරයකි. කළුතර බෝධිය සහ කැලිඩෝ වෙරළ තීරය නිසාවෙන් කළුතර නගරයට පැමිණෙන බොහෝ දෙස් විදෙස් සංචාරකයෝ බෝධීන් වහන්සේ වන්දනාමාන කරගැනීමෙන් පසුව කැලිඩෝ වෙරළට පිවිසියේ එක පැත්තකින් සංවරව සෙමෙන් බැස යන ගඟ දියෙන්ද, තවත් පැත්තකින් වෙරළේ හැපෙමින් බිඳෙන රළපහර මවන සුන්දර දසුන් සහිත මහ මුහුදෙන්ද වට වී තිබෙනා දුර්ලභ ගොඩබිම් තීරුවේ සුන්දරත්වය දෑසින් දැක මනසින් විඳගන්නටය. එසේ කැලිඩෝ වෙරළ තීරය අපූර්ව ස්භාවික පිහිටීමක පැවතියත් කළුගඟ මගින් ඇතිවන්නා වූ ගංවතුර පාලනය කිරීම සඳහා ගං මෝය පුළුල් කිරීම නිසා වර්තමානයේදී එයට හානි වීමක්ද සිදුව තිබේ.

එසේ  කැලිඩෝ වෙරළ තීරයට හානි සිදුවීම නිසාවෙන් ස්භාවික පිහිටීම අහිමි උවත් කාලයත් සමග කළුතර නගරයට මායිම්ව නව වෙරළ තීරයක් නිර්මාණය වූ අතර එලෙස අලුතින් නිර්මාණය වූ වෙරළ තීරයේ  සුන්දරත්වය විඳ ගැනීමට දෙස් විදෙස් සංචාරකයන් අඩුවක් නොමැතිව පැමිණෙන්නට විය. සංචාරකයන් පැමිණිමේ යහපත් ලක්ෂණ පැවතියද අලුතින් බිහිවූ නව වෙරළ තීරයට එය අත් කරදෙමින් සිටින්නේ ශෝචනීය ඉරනමකි.

ලක්මවගේ සුන්දරත්වය විඳිමින් සංචාරය කරන සිත් පිත් නැති සංචාරකයන්ගේ නොමනා මිනිස් ක්‍රියාකාරකම් නිසාවෙන් මෙම වෙරළ තීරය දැඩි ලෙස දූෂණයට ලක්වෙමින් පවතී. මත් පැන් ලෝලීන් රැගෙන එන්නා වූ වීදුරු බෝතල් බිඳ දමා වෙරළ තීරයේ නිදහසේ ඇවිදීමටවත් නොහැකි තත්වයක් උදා වී තිබේ. ප්ලාස්ටික් බෝතල්, පොලිතින් කවර, ටින් වැනි නොදිර ද්‍රව්‍ය ආදී විශාල කසල ප්‍රමාණයක් වෙරළ තීරය පුරා විසිරී ඇත. මේ තත්වය විශාල විනාශකාරී තත්වයකි.

මෙම සුන්දර වෙරළ තීරය දිනෙන් දින මෙලෙස දූෂණයට ලක් වීමෙන් මේ කෙරෙහි ආකර්ෂණය වී ඇති සංචාරකයින්ගේ පැමිණීම අවම වේ. මේ හේතුව නිසාම මෙම වෙරළ තීරයෙන් ආර්ථිකය සරිකර ගන්නා ප්‍රදේශ වාසීන්ගේ ආර්ථිකයට මෙන්ම විදේශ විනිමයටද ප්‍රබල බලපැමක් එල්ල වේ. එබැවින් මෙම කසල නිසා වෙරළ තීරයට සිදුවන හානිය වලක්වා ගැනීම අරමුණු කර ගනිමින් කළුතර වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් රත්මලාන, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයින් විසින් සිදුකරන ලදී.

රත්මලාන, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ විවිද්‍රා මාධ්‍ය ඒකකයේ සිය පස්වෙනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් සංවිධානය කල මෙම කළුතර වෙරළ පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන වැඩසටහන 2023.08.30 වන නිකිණි පොහෝ දින කළුතර දකුණ දුම්රිය නැවතුම් පොළ ආසන්න වෙරළ තීරය තුල ක්‍රියාත්මක කල අතර එම වැඩසටහන සඳහා වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථයින් සහ ආදී විද්‍යාර්ථයින් විශාල පිරිසක් සහභාගී විය. මේ සඳහා කළුතර මහ නගර සභාව සහ දකුණු කළුතර පොලිස් ස්ථානය මගින් ලැබුනු දායකත්වයද අගය කළ යුතුය.

මෙම වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන සමගින් වෙරළ තීරයේ ජෛව විවිධත්වයට ගැලපෙන්නා වූ ශාක විශේෂයක් වන වැටකෙයියා පැල රෝපණය කිරීමක්ද සිදුවිය. වෙරළ පවිත්‍ර කිරීම මගින් සුන්දර ප්‍රියමනාප වෙරළ තීරයක් ලෙස පවත්වා ගැනීමටත් කැලි කසල මුහුදට එකතු වීම වලක්වා ඒ මගින් සමුද්‍ර පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීමටත්, කැලිකසල නිසාවෙන් ඇතිවන සෞඛ්‍ය ගැටළු අවම කිරීමටත් හැකියාව ලැබුණි.

No description available.

No description available.

No description available.

No description available.

පේශල පසන් කරුණාරත්න
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය

Previous articleලංකාවේ ආහාර සුරක්ෂිතතාව වැඩිවෙමින් පවතිනවා – FAO
Next articleඅවුරුද්දකට පසුව QR ඉවත්කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here