Home අද අවුරුද්දකට පසුව QR ඉවත්කරයි

අවුරුද්දකට පසුව QR ඉවත්කරයි

17203
0

පවතින QR ක්‍රමවේදය අද සිට ක්‍රියාත්මක කරන පරිදි ඉවත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය  කංචන විජේසේකර මහතා අද(01දා) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය.

“දැන් පවතින QR ක්‍රමවේදය ගැන ජනාධිපතිතුමා විමසීමක් කලා. ඒ අනුව අපේ ඉන්ධන සංචිත ප්‍රමාණය සහ ඒ අදාළ කටයුතු සම්බන්ධයෙන් සොයා බැලුවා. ඒ අනුව අමාත්‍යාංශය තීරණය කළා දැන් පවතින QR ක්‍රමවේදයෙන් බැහැරවීමට හැකියාවක් තිබෙන බව.  මේබව ජනාධිපතිතුමාට අපි දැනුම්දුන්නා. ඒ අනුව අද සිට QR ක්‍රමවේදයෙන් බැහැරව ඉන්ධන සැපයීමට ඉන්ධනහල් සඳහා අවස්ථාව තිබෙනවා. නමුත් බැරල්වලට තෙල් එකතු කරන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නමුත් මේ සිස්ටම් එක අතාරින්න එපා කියලා අපි ඉන්ධන හිමියන්ට කියනවා. ඉදිරියේදී අපි වෙනත් ක්‍රමවේදයක් අනුගමනය කරලා තොරතුරු ලබාගන්න බලාපොරොත්තු වෙනවා. පවතින QR ක්‍රමවේදය අපි අවුරුද්දක් ක්‍රියාත්මක කලා. එයට අනුගත වු සැමට අපි ස්තූතියි පුදකරකරනවා. යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Previous articleවෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයින් කළුතර වෙරළ තීරය පවිත්‍ර කරයි.
Next articleමහ බැංකු අධිපති ලොව A ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් අතරට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here