Home අද දේශගුණික විපර්යාසවලට මුහුණදීමට ජනපතිගෙන් ජාතික උපදේශක කමිටුවක්

දේශගුණික විපර්යාසවලට මුහුණදීමට ජනපතිගෙන් ජාතික උපදේශක කමිටුවක්

9493
0

දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන උපායමාර්ගික වැඩපිළිවෙළ මෙහෙයවීමට පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ආයතන සම්බන්ධ කර ගනිමින් ජාතික උපදේශක කමිටුවක් පිහිටුවා ගැනීම වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

එම කමිටුව අවම වශයෙන් මාස හයකට වරක්වත් රැස්වී ප්‍රගතිය සමාලෝචනය කළයුතු බවට ද ජනාධිපතිවරයා යෝජනා කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ ශ්‍රී ලංකාවේ මුලපිරීම්වල ප්‍රගතිය සමාලෝචනයට ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විශේෂඥයන් රැසක් සහභාගී වී සිටි මෙම සාකච්ඡාවේ දී ඉදිරි දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා රටක් ලෙස ක්‍රියාත්මක කළයුතු උපාය මාර්ගික වැඩපිළිවෙළ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

දේශගුණික විපර්යාස නිසා ඇතිවන දේශීය මෙන්ම ගෝලීය අභියෝගයන්ට මුහුණදීමට ශක්තිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා ගෝලීය වශයෙන් එම අභියෝගය ජය ගැනීමේ දී ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගීතාවයක වැදගත්කම ද පෙන්වා දුන්නේය.

Previous articleපොලී අනුපාත ගැන මහ බැංකුවේ අලුත්ම තීරණය
Next articleක්‍රිකට් ගැන කතාකරන්න එපා – මට තර්ජනය කරනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here