Home අද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට මුදල් කාරක සභාවේ අනුමැතිය

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට මුදල් කාරක සභාවේ අනුමැතිය

732
0

ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ යෝජනාවට මුදල් කාරක සභාවේ අනුමැතිය ලැබුණු බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද(01දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

යෝජනාව සම්බන්ධයෙන් මුදල් කාරක සභාවේ දී ඡන්ද විමසීමක් සිදුකළ බවත් එහිදී වැඩි ඡන්දයෙන් අදාළ යෝජනාව සම්මත වු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

දේශිය ණය ප්‍රතිව්‍යුහගත කරණය සම්බන්ධයෙන් වන යෝජනාවට මුදල් කාරක සභාව මගින් සංශෝධන කිහිපයක් ද ඉදිරිපත් කරන බවද හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව විශේෂ පාර්ලිමේන්තු සැසිය අද(01දා) පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

 

Previous articleඉන්ධන මිල ‌සංශෝධනය කෙරේ
Next articleණය ප්‍රශස්තකරණයේදී වැඩිම බරක් මහ බැංකුවට – ජනතාවට බලපෑමක් නැහැ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here