Home අද ණය ප්‍රශස්තකරණයේදී වැඩිම බරක් මහ බැංකුවට – ජනතාවට බලපෑමක් නැහැ

ණය ප්‍රශස්තකරණයේදී වැඩිම බරක් මහ බැංකුවට – ජනතාවට බලපෑමක් නැහැ

669
0

මේවනවිට ශ්‍රී ලංකාවේ උද්ධමනය 12% දක්වා අඩුවි ඇති බවත් ආහාර උද්ධමනය 05% දක්වා අඩුවී ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද(01දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

එමෙන්ම දේශිය ණය ප්‍රශස්තකරණය හරහා රටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් වන බවටත් කිසිදු පුරවැසියෙකුට එමගින් හානියක් සිදුනොව බවටත් රාජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය,

ශ්‍රී ලංකාවේ දේශිය ණය ප්‍රශස්තකරණයක් සිදුකිරීම අත්‍යවශ්‍යයයි. 2022 වනවිට ශ්‍රී ලංකාවේ විදේශ ණය  09.4% සිට එය  4.5% දක්වා අඩුකරගැනීමට පදනම සකස් කරගැනීම අවශ්‍යයි. ඒ වෙනුවෙන් මේ දෙය සිදුකළ යුතුව තිබෙනවා. මෙතැනදී වැඩිම බරක් ගන්නේ මහ බැංකුව.  රටේ ජනතාවට මුල්‍ය පද්ධතියට අරමුදල් වලට හානියක් නොවන ආකාරයට ප්‍රශස්තකරණය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මහ බැංකුව ඒ බර ගන්න නිසයි. පසුගිය සතියක කාලයක තුළ ජනතාව මහ බයකින් සිටියා මේ සම්බන්ධයෙන් විපක්ෂය මැවූ බිය නිසා. බැංකු පද්ධතිය හානියක් නොවන ආකාරයට මෙය සිදුකිරීමේ විශේෂ ක්‍රියාමාර්ග කිහිපයක් ගත්තා.

බැංකු පද්ධතිය ඉස්සර රජයට 39% දැන් 50% බදු ගෙවනවා. රටේ  අක්‍රීය ණය ප්‍රමාණය 13% දක්වා වැඩිවෙලා තිබෙනවා. මේ යෝජනාවට විරුද්ධවන අය කියන්නේ බැංකු පද්ධතියේ පොලියෙන් යම් ප්‍රමාණයක් කපා හරින්න කියන එක. නමුත් අපි එයට එකඟ වෙන්නේ නැහැ. ඒවගේම මේ ප්‍රශ්ස්කරණය හරහා බැංකු පද්ධතියට බලපෑමක් ඇති වෙන්නේ නැහැ කියලා අපි කියන්නේ නැහැ. නමුත් බැංකුවල ස්ථාවරත්වට කිසිදු බලපෑමක් ඇතිවෙන්නේ නැහැ කියලා අපිට කියන්න පුළුවන්.

මේවනවිට රටේ උද්ධමනය 12% ට අඩු වෙලා තිබෙනවා. ආහාර උද්ධමනය 5% ට අඩුවෙලා තිබෙනවා. ඒවගේම අපි මේ සිදුකරන ප්‍රශස්තකරණ තුළ වෙළඳපොළ තුළ විශ්වාසයක් ගොඩනැගීම සිදුවෙනවා. ඒ අනුව පොලී අනුපාත අඩුවීමක් සිදුවේවි. රජය කිසිදු බලපෑමක් ඒ වෙනුවෙන් සිදුකරන්නේ නැහැ. ඒවගේම ද්වීපාර්ශවීය ණය හිමියන්ගේ විශ්වාසය තහවුරුකරගැනීමට මේ සිදුකරණ ණය ප්‍රශස්තකරණය හේතුවෙනවා. කිසිදු පුරවැසියෙකුට හානියක් නොවන රටක් විදිහට ශක්තිමත්වන ක්‍රියාවලියක් මේ හරහා සිදුවනවා. ඒ අනුව මේ යෝජනාවලයට අකමැති වෙන්න කිසිදු මන්ත්‍රීවරයෙකුට හැකියක් නැහැ.

ආර්ථික අර්බුදයෙන් මිදීම මිසක් නැවත ආර්ථික අර්බුදයකට යාමට කිසිම හැකියාවක් නැහැ. මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම මිස ආපස්සට හරවන්න පක්ෂ හෝ විපක්ෂ කිසිවෙක් කටයුතු නොකළ යුතුයි කියලා මම කියන්න කැමතියි. යැයි වැඩිදුරටත් පැවසයී.

Previous articleණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට මුදල් කාරක සභාවේ අනුමැතිය
Next articleවිදෙස් ණය 50% ක් කපා හරින්න – සජිත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here