Site icon Newshub

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට මුදල් කාරක සභාවේ අනුමැතිය

ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ යෝජනාවට මුදල් කාරක සභාවේ අනුමැතිය ලැබුණු බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද(01දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

යෝජනාව සම්බන්ධයෙන් මුදල් කාරක සභාවේ දී ඡන්ද විමසීමක් සිදුකළ බවත් එහිදී වැඩි ඡන්දයෙන් අදාළ යෝජනාව සම්මත වු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

දේශිය ණය ප්‍රතිව්‍යුහගත කරණය සම්බන්ධයෙන් වන යෝජනාවට මුදල් කාරක සභාව මගින් සංශෝධන කිහිපයක් ද ඉදිරිපත් කරන බවද හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව විශේෂ පාර්ලිමේන්තු සැසිය අද(01දා) පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

 

Exit mobile version