Home අද ඉන්ධන මිල ‌සංශෝධනය කෙරේ

ඉන්ධන මිල ‌සංශෝධනය කෙරේ

764
0

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව නව සංශෝධනයට යටතේ  ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර  එහි නව මිල වන්නේ රුපියල් 328 කි.

ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර   ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක නව මිල වන්නේ රුපියල් 365කි.

එසේම ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 346 කි.

ඔටෝ ඩීසල් රුපියල් 02කින් පහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 308කි. භූමිතෙල් ලීටරයක් රුපියල් 09කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 236කි.

මේ අතර ලංකා අයි.ඕ.සී සමාගමද  දි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මිල ගණන් වලට සමානව ඉන්ධන මිල සංගෝධනය කළ බව නිවේදනය කර තිබේ.

සංශෝධනය කළ ඉන්ධන මිල ගණන් පහතින්.

 

Previous articleවිදුලි ගාස්තු අඩු කෙරේ
Next articleණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට මුදල් කාරක සභාවේ අනුමැතිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here