Home අද විදේශ රැකියා ක්ෂේත්‍රයේ සැලකිය යුතු නියාමනයක්

විදේශ රැකියා ක්ෂේත්‍රයේ සැලකිය යුතු නියාමනයක්

750
0

විදේශ රැකියා ලබාදීමේදී නියමිත මුදලට වඩා මුදල් අයකිරීම, මුදල් අයකර රැකියා ලබා නොදීම, විදේශ ගතවූ පසු නියමිත පරිදි රැකියා ලබා නොදීම හේතුවෙන් ආපසු ලංකාවට පැමිණීමට සිදුවීම, ආදී කරුණු පදනම් කරගෙන මේ වසරේ (2022) ජනවාරි 01 සිට නොවැම්බර් මස 30 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශය පැමිණිලි විභාග කර ඒජන්සි හිමියන් විසින් පැමිණිලිකරුවන් වෙත ගෙවීමට තිබූ රු.34,174,,000 ක මුදලක් ඔවුන් වෙත අයකර දීමට කටයුතු කර තිබේ . පසුගිය වසරේ මෙලෙස අය කර දෙන ලද මුදල වන්නේ රු. 8,945,900 කි.
මෙම කාලසීමාව තුළදී විමර්ශන ඒකකයට පැමිණිලි 1080ක් ලැබී ඇති අතර, ඉන් පැමිණිලි 614ක් ලැබී ඇත්තේ කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතනවලට එරෙහිව වේ.
තවද ඒජන්සි ආයතන වලට එරෙහිව ලැබුන පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව නීති විරෝදී අයුරින් කටයුතු කර ඇති බවට තහවුරු වූ ඒජන්සි ආයතන 13ක කම්කරු බලපත්‍ර මේවනවිට අවලංගු කිරීමට කටයුතු කර ඇත. තවදුරටත් පවතින පැමිණිලිවල ස්වභාවය අනුව ඒජන්සි ආයතන කිහිපයක බලපත්‍ර අවලංගු කිරීමට නියමිතව ඇ බව කාර්යාංශය සඳහන් කරයි.
විදේශ රැකියා ක්ෂේත්‍රය හා සම්බන්ධ නීතිවිරෝධි කටයුතු පිළිබඳව ලැබුණු තොරතුරු අනුව කරන ලද වැටලීම් ගණන 26ක් වන අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයින් ප්‍රමාණය 75කි. ඔවුන් අතරින් පුද්ගලයින් 13 දෙනෙකු කාර්යාංශයේ බලපත්‍රලාභී ඒජන්සි හිමියන් වේ. මෙම කාලසීමාව තුළදී පැමිණිලි විභාග කර පැමිණිලි 875ක ප්‍රමාණයක් විසඳා අවසන්කර ,205ක් සඳහා අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇති අතර එයින් නඩු 115ක ප්‍රමාණයක් ගොනුකර ඇත්තේ ඒජන්සි ආයතන වලට එරෙහිවය.

Previous articleතරුණයන් වෙනුවෙන් වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති හේෂා
Next articleගුවනින් කටුනායකට ඇවිත් දුම්රියෙන් කොළඹ එන්න අවස්ථාවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here