Home අද ලංකාවට අලුත් IMF ලොක්කෙක් !

ලංකාවට අලුත් IMF ලොක්කෙක් !

74
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නව ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා වශයෙන් එවන් පපාජියෝරිජියෝ (Evan Papageorgiou) පත්කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානියා වශයෙන් මෙතෙක් කලක් කටයුතු කළ පීටර් බෘෘවර් මහතා (Peter Breuer) සිය ධුර කාලය අවසන් කරමින් ශ්‍රී ලංකාවෙන් නික්මයාමත් සමඟ මෙම පත්කිරීම සිදුකර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නව ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා වශයෙන් පත්කර ඇති එවන් පපාජියෝරිජියෝ මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ අයෙක් වන අතර ඔහු කලාපයේ ආර්ථික ප්‍රතිපත්ති සහා මෙහෙයුම් පිළිබඳ පුළුල් අත්දැකීම් ඇත්තෙකි.

ශ්‍රී ලංකාව සහ IMF අතර එළැඹි විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට අදාළ මූලික සාකච්ඡාවක් ඊයේ (07) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවති අතර එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ නව දූත මණ්ඩල ප්‍රධානී එවන් පපාජියෝරිජියෝ මහතා සහ ධුරය අවසන් කර නික්ම යන පීටර් බෘෘවර් මහතා ද එක්ව තිබේ

Previous articleතීරු බදු සම්බන්ධයෙන් අනුරගෙන් ට්‍රම්ප් ට ලිපියක් !
Next articleඅදානි සමාගම විසින් ඉදිකල කොළඹ වරායේ බටහිර පර්යන්තයේ මෙහෙයුම් ඇරඹේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here