ඉන්දීය කෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිට අයත් අදානි පෝර්ට්ස් ප්‍රධානත්වයෙන් කොළඹ වරායේ බටහිර ජාත්‍යන්තර ටර්මිනල්හි (CWIT) මෙහෙයුම් ආරම්භ කර ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා පිහිටුවා ගෙන ඇති Colombo West International Terminal Pvt Ltd සමාගමෙහි කොටස් හිමිකාරීත්වයෙන් 51%ක් ඉන්දියාවේ අදානි පෝර්ට්ස් සමාගමට හිමිය. එසේම 34%ක කොටස් ප්‍රමාණයක් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමටත්, 15%ක් වරාය අධිකාරියටත් හිමිය.
මෙම ඒකාබද්ධ සමූහය විසින් 35 වසරක ඉදිකිරීම්, මෙහෙයුම් සහ හුවමාරු (BOT) ගිවිසුමක් යටතේ පවත්වාගෙන යනු ලැබේ.
වාර්තා වන ආකාරයට , කොළඹ බටහිර ජාත්‍යන්තර ටර්මිනල් (CWIT) ව්‍යාපෘතිය ඩොලර් මිලියන 800ක පමණ ආයෝජනයකි.
කොළඹ බටහිර ජාත්‍යන්තර ටර්මිනලයේ (CWIT) ධාතුව (quay) මීටර් 1,400ක දිගකින් යුතු අතර ගැඹුර මීටර් 20කි. නිසා මෙම ටර්මිනලයට වසරකට “Twenty-foot Equivalent Unit” තිස් දෙලක්ෂයක් පමණ හැසිරවීමට ධාරිතාවක් ඇති බවද සඳහන් ය..
එය කොළඹ පිහිටි පළමු ගැඹුරු ජල ටර්මිනලය වන අතර, එය සම්පූර්ණයෙන් ස්වයංක්‍රීය කර ඇති අතර, භාණ්ඩ හැසිරවීමේ හැකියාවන් වැඩිදියුණු කිරීමට, නෞකා පැමිණීමේ කාලය වැඩිදියුණු කිරීමට සහ දකුණු ආසියාවේ ප්‍රධාන හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස වරායේ තත්ත්වය ඉහළ නැංවීමට සැලසුම් කර ඇතැයි නිවේදනයේ සඳහන් වේ.
මේ සම්බන්ධව අදහස් දක්වමින් අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි පවසා ඇත්තේ CWIT හි මෙහෙයුම් ආරම්භය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කලාපීය සහයෝගීතාවයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවයි.
“මෙම ටර්මිනලය ඉන්දියන් සාගරයේ වෙළඳාමේ අනාගතය නියෝජනය කරනවා පමණක් නොව, එහි විවෘත කිරීම ශ්‍රී ලංකාවට ආඩම්බර විය හැකි මොහොතක් වන අතර, එය ගෝලීය සමුද්‍ර සිතියමේ ශ්‍රී ලංකාව තහවුරු කරයි,” යැයිද ඔහු පවසා ඇත.
මෙම CWIT ව්‍යාපෘතිය මගින් දේශීයව සෘජු හා වක්‍ර රැකියා දහස් ගණනක් බිහි වන අතර, දිවයිනට අතිවිශාල ආර්ථික වටිනාකමක් අගුළු ඇරීමට හැකි වනු ඇතැයි ඔහු තවදුරටත් පවසා තිබේ.
එසේම ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර පවසා ඇත්තේ , “මෙම ව්‍යාපෘතිය කලාපයේ ගෝලීය වෙළඳාම සහ සම්බන්ධතාව වැඩිදියුණු කරනු ඇතැයි අපට විශ්වාසයි” යනුවෙනි.