රාජ්‍ය සේවයේ පවතින අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීම සඳහා උපාධිධාරින් සහ තරුණ තරුණියන් 30,000 බඳවා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
පසුගිය කාලවකවානුවේ රටේ පැවති ආර්ථික අර්බුද හේතුවෙන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සීමාකර තිබූ අතර එම තත්ත්වයන් මත උපාධිධාරීන්ගේ මෙන්ම රටේ තරුණ තරුණියන්ගේ රැකියා විරහිතභාවය ඉහළ ගොස් තිබිණි.
වර්තමානය වන විට පවතින මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍යාව පුරප්පාඩු 30,000 පිරවීම සඳහා 2025 අයවැය මගින් රුපියල් බිලියන හයක ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයාගේ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව ඇත.
රාජ්‍ය සේවයේ විවිධ කාර්ය මණ්ඩල නැවත සමාලෝචනය කර අත්‍යවශ්‍ය බඳවා ගැනීම් සිදුකිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයා ගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත්කරනු ලැබීය.
එම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මත පදනම්ව මේ වන විට රාජ්‍ය සේවයේ නව බඳවා ගැනීම් 18,835 ක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත