Home අද දකුණු ආසියා කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය බවට ලංකාව පත්කරන්න පුළුවන් – ජනපති

දකුණු ආසියා කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය බවට ලංකාව පත්කරන්න පුළුවන් – ජනපති

1207
0

වසර 25 ක් ඉදිරියට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණයක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය බවත් ශ්‍රිලංකාවට දකුණු ආසියාවේ අධ්‍යාප කේන්ද්‍රස්ථානය විය හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(01දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

“2022 සිට අවුරුදු 25 ක් ඉදිරියට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් අපි හදාගන්න අවශ්‍යයි අපි හදාගන්න අවශ්‍යයි.  ශ්‍රීලංකාවට දකුණු ආසියා‍වේ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වෙන්න පුළුවන් . අධ්‍යාපනය දරුවන් පිටරට යන නිසා බිලියන 03 ක් විතර අපිට නැතිවෙනවා.නමුත් අපි මේක හරියට කරනවානම්  බිලියන 10 ක් ලංකාවට ගෙන්නවා ගන්න පුළුවන් තත්වට ඒක වර්ධනය කරන්න පුළුවන්. අපි ඒක කරන්න ඔනේ.

ඒවගේම විශ්ව විද්‍යාල වලින් ශිෂ්‍යයෝ වයස 21,  22 වෙද්දි පිටවෙන්න ඔනේ. මම පිටවුනේ 21 දී. මේ තත්වය ඇති කරන්න ඔනේ. රැකියා වෙළඳපොලට අවශ්‍ය විදිහට අපි මෙය සකස් කරන්න ඔනේ. අනාගතයේදී රජයේ රැකියා නැතිවෙනවා.  කලා සමාජ විද්‍යා අංශ වලට අයට දැන් ඉදන්ම සැලසුම් හදන්න ඔනේ.පාර්ලිමේන්තුව මේගැන අවධානය යොමුකරනවානම් විතරයි මේක කරන්න පුළුවන්. අධ්‍යාපනය දියුණු කරන්න ඔනෙ කියන්නේ අනාගතය වෙනුවෙන් කටයුතු කරන්න අවශ්‍යයි.

ඒවගේම රජයේ නොවන අංශයක් ඇති කළ යුතුයි. එය ලබා නොලබන එකක් වෙන්න පුළුවන්. එයට බඳවා ගැනීම් සහ ක්‍රියාත්මක වන ආකාරය ගැන යම් ක්‍රමවේදයක් තිබෙන්න ඔන. ඒ ක්‍රමවේදයට ශීෂ්‍යයෝ තොරනවානම් දුප්පත් උනත් පෝසත් උනත් ශිෂ්‍යයන්ට අපි ණය දෙන්න ලැස්තියි. පවුලේ දුප්පත්කම නිසා සමහර අයට ගෙවන්න බැරිනම් අපි ප්‍රදානයක් විදිහට ඒක දෙන්නම්. අධ්‍යාපනය කියන්නේ විශ්වීය අයිතයික්. එය සැමටම ලැබිය යුතුයි.

ගාස්තු අයනොකරන එක රජයේ විශ්ව විද්‍යාලයක් මට කියන්න. මේ හැමෝම බාහිර උපාධි තියලා සල්ලි ගන්නනවා. නිදහස් අධ්‍යාපනය නම් බාහිර කලත් අභ්‍යන්තර කලත් නිදහස් වෙන්න ඔන. එහෙනම් අපි බාහිර උපාධි වලට අපි බදු අයකරන්න ඔනේ.  විශ්ව විද්‍යාලය ව්‍යාපාර කරනවානම් ඒ ව්‍යාපාරවලට බද්දක් දාන්න ඔනේ.”  යැයි ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Previous articleදිමුතු බඹරදෙණියට වැඩබලන බස්නායක නිළමේ ධුරයක්
Next articleපාසල් නිවාඩුව ලැබෙන්නේ මෙහෙමයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here