Home අද ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් 7 පාර්ලිමේන්තුවේ සභාගත කළා : බොරු විදිමින්...

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් 7 පාර්ලිමේන්තුවේ සභාගත කළා : බොරු විදිමින් ටිල්වින් වැඩ අල්ලයි !

321
0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ලංකා සංචාරයට සමගාමීව අත්සන් කිරීමට යෙදුණු ගිවිසුම් 7 පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ youtube නාලිකාවක් සමඟ පැවති දේශපාලන සම්මුඛ සාකච්ජාවකදී අදහස් දක්වමිනි.

පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙන එම ගිවිසුම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදියාටද ලබාගත හැකි බවද ටිල්වින් සිල්වා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ සභාගත කළ ලේඛන ලබාගැනීමට තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලුම් කිරීමට කොහෙත්ම අවශ්‍ය නොවන නමුත් ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා එවැන්නක් පැවසීය.

එසේම ඇමරිකාව විසින් ලෝකයටම අදාලවන ලෙස ලෙස පනවා ඇති බදු ‍ලෝකයට සාපෙක්‍ෂව ලංකාවට අදාළව එතරම් විශාල නැති බවද ඔහු සඳහන් කළේය.

ඇමරිකාවට මෙරට අපනයන යන්නේ ටිකක් බවත් ඉන් වැඩි කොටස ඇඟලුම් බවත් ඔහු එහිදී පැවසීය.

යම් හෙයකින් අදාළ බද්ධ හේතුවෙන් ඇගලුම් කර්මාන්ත ආශ‍්‍රිත රැකියා නැතිවහොත් ඔවුන්ට වෙනත් රැකියා අවස්ථා සොයා දෙන තෙක් දියමනාවක් ලබා දෙන බවද ටිල්වින් සිල්වා පැවසීය.

ඇමරිකාව විසින් පනවා ඇති පද්ධ දීගුකාලීනව පවත්වාගෙන යන්න එයාට බැරි බවත් එම බද්ද හරහා ලෝකයට බලපෑමක් වන සේම ඇමරිකාවටද බලපෑමක් වන බවද ඔහු එහිදී පෙන්වා දුන්නේය.

චීනයත් සමග වෙළඳ යුද්දයක් සිදුකර ඇමෙරිකාවට ජයග්‍රහණය කර නොහැකි බවද එම යුද්ධයෙන් ඇමරිකාව ඇද වැටෙන බවද ඔහු පැවසීය.

පවතින තත්වයන් මත ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම වැරදි තීන්දුව ඉක්මනින්ම අකුලා ගැනීමට ඔහුට සිදුවුණු ඇති බවද ටිල්වින් සිල්වා වැඩිදුරටත් සඳහන් කළේය .

මේ සම්බන්ධව අදහස් දක්වන විචාරක මතය වී තිබෙන්නේ දැනුවත්ව ටිල්වින් සිල්වා අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් ජනතාව නොමඟ යවන බවයි. මෝදි අගමැතිවරයා ගේ ලංකාගමනය ට සමගාමීව අත්සන් කරන්න යෙදුණු කිසිඳු ගිවිසුමක් පාර්ලිමේන්තුවේ සභාගත කර නොමැති බවත් එසේම ඇමරිකානු තීරුබදු ඉහල දැමීම ලංකා ආර්ථිකයට බලපාන ප්‍රමාණය අවතක්සේරු කිරීමද සාවද්‍ය බවත් එහිදී විචාරකයන් අවධාරණය කරයි.

ඇමරිකානු තීරුබදු ඉහල දැමීම ලංකාවේ ආර්ථිකයට බලපාන්නේ එතරම් සුළු ආකාරයට නම් ඇමති සුනිල් හඳුන්නෙත්ති ට ශොක් වීමට හෝ ජනාධිපති අනුර කුමාර දිසානයක ට පක්ෂ නායක සමුළු පැවැත්වීමට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවද විචාරක මතය වී තිබේ.

එසේම ට්‍රම්ප් ජනාධිපතිගේ තීරුබදු ඉහල දැමීම සමඟ මෙරට ඇඟළුම් කර්මාන්තය අවධානමේ වැටුණහොත්, ඩොලර් බිලියන ගණනක ආදායමක් අහිමිවන අතර එවිට එල්ලවන ආර්ථික පීඩනය හමුවේ රැකියා අහිමිවෙන පිරිසට දීමනාවක් ගෙවීම කෙසේවෙතත් යළිත් ආර්ථික අර්බුදයක් ඇතිවීමේ පැහැදිලි ඉඩක් ඇති බවද විචාරකයන් පෙන්වා දෙයි .

එසේම මේ වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු බව, පසුගිය අලුත් අවුරුදු සමයේ ජනතාවට ගම්බිම් වෙත යාමට බස් හිඟ වූ බව ඇතුලු තවත් සාවද්‍ය කරුණු රැසක් ටිල්වින් සිල්වා අදාළ වැඩසටහනේදී පැවසූ බව පවසන විචාරකයන් , සිංහල හින්දු අලුත් අවුරුද්ද ට ටිල්වින් බොරුවෙන් වැඩ ඇල්ලූ බවක් මේ හරහා පෙන්නුම් කෙරෙන බවත් එය දිගටම පැවතියහොත් ඉතාම අහිතකර ප්‍රතිඵල රටට අත්වනු ඇති බවත් අවධාරණය කර සිටියේ ය

Previous articleමාලිමාව පරදින පළාත් පාලන ආයතන වලට සල්ලි දෙන්නේ නෑ : අනුර ප්‍රසිද්ධියේ කියයි !
Next articleහිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here