Home අද සෞඛ්‍ය අමාත්‍යංශයේ විභාගය අස්සේ මාලිමා අපේක්ෂකයන් ජන්ද කැම්පේන් කරලා : මැකොට පැමිණිල්ලක්...

සෞඛ්‍ය අමාත්‍යංශයේ විභාගය අස්සේ මාලිමා අපේක්ෂකයන් ජන්ද කැම්පේන් කරලා : මැකොට පැමිණිල්ලක් !

187
0

සෞඛ්‍ය අංශයේ උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා යැයි පවසමින් හෙට (27) සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සාමාන්‍ය දැනීම ලෙස ප්‍රෝඩාකාරී විභාගයක් පැවැත්වීමේ සූදානමක් ඇති බවත් අදාළ විභාගයෙන් රැකියා ලබාදෙන බව පවසමින් ජාතික ජනබලවේගය පක්ෂයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන් එය මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් බවට පත්කරගෙන ඇති බවත් දන්වමින් මැතිවරණ කොමිසම වෙත අද (26) පැමිණිල්ලක් සිදුකළ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසයි.

ඊට අදාළ සාක්ෂි ඇතුළත් හඬපට ද එම පැමිණිල්ල සමඟ කොමිසම වෙත භාරදුන් බවද ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මේ බව සඳහන් කර සිටියේ අදාළ පැමිණිල්ල මැතිවරණ කොමිසම වෙත භාරදීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

ජාතික ජනබලවේගය පක්ෂයේ මැතිවරණ අපේක්ෂකයන් මෙම විභාගය පදනම් කරගෙන මැතිවරණ ප්‍රචාරක කටයුතු සහ වාසි ලබාගැනීමට ගනුලැබූ උත්සාහය සම්බන්ධව මැතිවරණ කොමිසම ක්‍රියාමාර්ග ගනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළේය .

සෞඛ්‍ය අංශයේ උපාධිධාරීන් සඳහා සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයක් ලබාදෙමින් ඒ මත පදනම්ව රැකියා ලබාදීමට සූදානම් වනුයේ  දේශපාලන හිතවාදින්ට රැකියා ලබාදීමේ සූදානමක් යටතේ බවටද ඔහු චෝදනා කර සිටියේ ය.

අදාළ විභාගය කිසිසේත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක් සඳහා අවශ්‍ය නොවන බවත් මෙම උපාධිධාරීන් සියලු දෙනා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිර්දේශ මත පැවති නියමිත අවසන් විභාග සමත්ව සුදුසුකම් ලැබූවන් බවත් ඔහු අවධාරණය කර සිටියේ ය.

Previous articleඅනුරට අභියෝග කරමින් : ආණ්ඩුව හංගපු ඉන්දු- ලංකා ගිවිසුම් 2ක් ගම්මන්පිල එළියට දායි !
Next articleපොහොර සහනාධාරය ප්‍රමාද වුනේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව නිසා : අනුර කියයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here