Home අද තහනම ඉවතට : ගෝල්ෆේස් මාලිමාවට ?

තහනම ඉවතට : ගෝල්ෆේස් මාලිමාවට ?

104
0

ලෝක කම්කරු දිනය යෙදෙන මැයි 01 වැනි දින ජාතික ජන බලවේගය සිය මැයි රැලිය කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්වීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් මෙවර මැයි දින රැලිය ගාලුමුවදොර පිටියේදී විශාල ජන සහභාගිත්වයකින් පැවැත්වීම ආණ්ඩුවේ සැළැස්ම බවද එම ආරංචි මාර්ග පවසයි.

කෙසේවෙතත් ගෝල්ෆේස් අරගලයෙන් පසු ගාලුමුවදොර පිටිය කිසිදු දේශපාලන කටයුත්තකට ලබාදීම තහනම් කිරීමට පැවැති රනිල් වික්‍රමසිංහ රජය කටයුතු කර තිබිණ.

නමුත් ආරංචි මාර්ග සඳහන් කරන ආකරයට එම තහනම ඉවත් කොට ඒ සඳහා අවසර ලබාදීමට සූදානමක් තිබේ.

Previous articleඉන්දියාවට සහ පාකිස්ථානයට ජගත් සංවිධානයෙන් ඉල්ලීමක්
Next articleඅනුරට අභියෝග කරමින් : ආණ්ඩුව හංගපු ඉන්දු- ලංකා ගිවිසුම් 2ක් ගම්මන්පිල එළියට දායි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here