මෙවර කන්නය සඳහා වන පොහොර සහනාධාරය ලබාදීමේ යම් ප්‍රමාදයක් සිදුවූයේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලිපි ලේඛන සකස් කිරීමට අසමත් වීම නිසා යයි ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
රටට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍ය වන්නේ මෙවැනි ගැටලු මගහරවා ගැනීමට බවත් යල කන්නය සඳහා පොහොර සහනාධාරයට අවශ්‍ය මුදල් මුළුමනින්ම වෙන්කර අවසන් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති අනුර දිසානයක අද (26) මේ බව සඳහන් කර සිටියේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අනුරාධපුරයේ පැවති ජාතික ජනබලවේගය පක්ෂයේ ජනහමුවක් අමතමිනි.
මෙරට කෘමි නාෂක සහ වල් නාෂක මාෆියාවක් ක්‍රියාත්මක බවත් ඒ ආශ්‍රිත සමාගම් අධික ලාභ ලබමින් සිටින බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
එම තත්ත්වය පාලනය කිරීම සඳහා සිපෙට්කෝ ආයතනය තරගකාරී ලෙස එම වෙළෙඳපොළට අවතීර්ණ වන බවත් දැනටමත් කෘමි නාෂක සහ වල් නාෂක කිහිපයක් වෙනුවෙන් සිපෙට්කෝ මැදිහත්වී සිටින බවත් ඔහු පැවසීය.