Home අද හෝටර්න් තැන්න අධි සංවේදී පරිසර කලාපයේදී, ප්‍රියාන් මැණික් ගෝන්නුන්ට බත් කවයි.!

හෝටර්න් තැන්න අධි සංවේදී පරිසර කලාපයේදී, ප්‍රියාන් මැණික් ගෝන්නුන්ට බත් කවයි.!

473
0

ප්‍රියාන් මැණික් නමින් සමාජ මාධ්‍ය හි පෙනී සිටින තැනැත්තා සිය සත්ව කරුණාව පෙන්වීම සඳහා හෝර්ටන් තැන්න අධිසංවේදී පරිසර කළාපයේ ගෝනුන්ට පිසින ලද ආහාර ලබාදී ඇති අතර එය සිය සමාජ මාධ්‍ය ගිනුම හරහා ද ප්‍රසිද්ධ කර තිබේ.

වඩාත් කණගාටුදායක සිදුවීම නම් මෙතෙක් කිසිඳු බලධාරියෙකු එම නීති විරෝධි ක්‍රියාව සම්බන්ධව කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීමය. නීතිය නොදැන සිටීම හෝ මෙකී සිදුවීමට අදාළව එම තැනැත්තාගේ සත්ව කරුණාව අධිසංවේදී පරිසර කළාපයක නීති විරෝධි කටයුත්තක් කිරීමට අවස්ථාව හිමිවීමක් හෝ සමාවට කාරණයක් වන්නේ නැත.

හෝර්ටන් තැන්න ශ්‍රී ලංකාවේ අධිසංවේදී පරිසරයක් වන අතර එය නොයිඳුල් පරිසරයකට අයත් ජාතික උද්‍යානයක් වෙයි. ඒ නිසා එහි වන ජීවීන් සහ පැළෑටි ආරක්ෂා කිරීම සඳහා දැඩි නීති රීති ඇත.

ඒ අනුව, හෝර්ටන් තැන්නෙහි සතුන්ට ආහාර දීම නීති විරෝධීය. ඒ ස්වාභාවික ආහාර දාමය විකෘති වීම , සතුන්ගේ සෞඛ්‍ය හා ආහාර පිළිවෙත් වෙනස් වීම, සතුන්ගේ හැසිරීම වෙනස් වීම වැනි හේතු නිසාය.

එසේම  පරිසර සංරක්ෂණ නීති අනුව, පරිසරයට හානි වන හැකි කිසිඳු ක්‍රියාවක් තහනම් වන අතර , සතුන්ට ආහාර දීම, නියම වූ මාර්ගවලින් තොර විකල්ප මාර්ග භාවිතය , සිගරැට් හා මත්පැන් භාවිතය , අධික ශබ්ද නිකුත් කිරීම පවා තහනම් ය. එබැවින් මෙවැනි නීති විරෝධි සහ අමනෝඥ ක්‍රියා වැළැක්වීම බලධාරීන් සතු වගකීමකි.

එම වීඩියෝව මෙතැනින්

Previous articleඅපේක්ෂකයින් 18 දෙනෙකුට නඩු – පොලිස් මූලස්‌ථානය!
Next articleහොරු අල්ලන්න වෙන්නේ, ගෙදර යන ගමන් තව මොනවා හරි ගෙනියනවා වගේ – විජිත ඇත්තම කියයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here