ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද (26) ප්‍රසිද්ධියේ ජනගත කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කටයුතු කළේය.
ඉතුරු ගිවිසුම් සියල්ල ද තමන් එළිදරව් කිරීමට පෙර ප්‍රසිද්ධ කරන ලෙස ජනාධිපති අනුර දිසානායක ට කියා සිටින බද පැවසූ හිටපු මන්ත‍්‍රීවරයා ඉදිරි දින කිහිපය ඇතුළත ඒවා එළිදරව් නොකළහොත් තමන් එම ගිවිසුම්ද කරන බවද අවධාරණය කළේය .
අද (26) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල අදාළ ගිවිසුම් ප්‍රසිද්ධ කරමින් මෙම අදහස් දක්වා සිටියේය.
2023 වසරේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අත්සන් කළ එකඟතා ලියවිල්ලට විරෝධය දක්වමින්, රනිල් – මෝදි හොර ගිවිසුම් හෙළිකරන ලෙස බලපෑම් කළ ඒ සම්බන්ධව තාප්ප වල සටන් පාඨ ලියූ ජාතික ජනබලවේගය පක්ෂයට අද තමන් අත්සන් කළ ගිවිසුම් සම්බන්ධව පාර්ලිමේන්තුවට පවා ලබාදී නොමැති බවද හිටපු මන්ත‍්‍රීවරයා සඳහන් කළේය .
කෙසේවෙතත් 1987 ආන්දෝලනාත්මක පසුබිමක අත්සන් තැබූ ඉන්දු- ලංකා ගිවිසුම පවා රට හමුවේ තැබීමට එවකට ජේ.ආර්. ජයවර්ධන පාලනය කටයුතු කළ බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල සිහිපත් කර සිටියේ ය.
එහිදී අත්සන් තබන ලද බලශක්ති ගිවිසුම පෙන්වමින් ඔහු කියා සිටියේ මෙම ගිවිසුම් ඉතිහාසයේ පෙර ගිවිසුම් වලට වඩා සුවිශේෂී වන්නේ භාෂා තුනකින් අත්සන් තැබීම නිසා බවයි.
හින්දි ඉංග්‍රීසි සහ අරාබි භාෂාවලින් එම ගිවිසුම් අත්සන් තබා ඇති බවද මීට පෙර ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති රටවල් අතරවන ගිවිසුම් සියල්ල ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් අත්සන් තබා ඇති බවද ඔහු පැවසුවේය.
බලශක්ති ගිවිසුමට අදාළ ඉදිකිරීම් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කෙරෙන විට එම ඉදිකිරීම් කණ්ඩායම් වලට අවශ්‍ය ආරක්ෂාව ශ්‍රී ලංකා රජයෙන් ලබාදිය යුතු බව ගිවිසුමට ඇතුලත් කර ඇති බවද පැවසූ ඔහු එසේ ඇතුළත් කර ඇත්තේ එම කටයුතු මෙරට ආරම්භ වන විට ජනතා විරෝධතා ඇතිවන බව වේලාසනම ඔවුන් හඳුනාගෙන ඇති නිසා බවත් කියා සිටියේය.
අදාල ගිවිසුම් හිටපු මන්ත‍්‍රීවරයා සිය වෙබ් අඩවිය ඔස්සේ හෙලිදරවු කර ඇත.
නමුත් පසුගිය සමයේ මෙම ගිවිසුම් පිළිබඳව විමසන විට ආණ්ඩුව පවසා සිටියේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඒ සඳහා ඉල්ලුම් කරන ලෙසයි. කෙසේවෙතත් එසේ අයදුම් කළ පාර්ශ්ව පවසන්නේ තමන් විසින් ඉල්ලුම් පත්‍ර යොමුකළ අපේක්ෂිත තොරතුරු මෙතෙක් ලැබී නොමැති බවයි.
එසේම පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසා සිටියේ ඉන්දියාව සමඟ අත්සන් කළ ඇතැම් ගිවිසුම් වල තොරතුරු ලබාදීමට නම් ඒ සඳහා ඉන්දියාවේ එකඟතාව ගැනීමට සිදුව ඇති බවයි