Home අද එනපොට හොඳම නෑ – ඉක්මනින් තීරුබදු වෙනස් කරමු : මහ බැංකුව නිර්දේශ...

එනපොට හොඳම නෑ – ඉක්මනින් තීරුබදු වෙනස් කරමු : මහ බැංකුව නිර්දේශ කරයි !

1226
0

අන්‍යොන්‍ය තීරු බදු පිළිබඳව සලකා බලා මෙරට තීරු බදු ව්‍යුහයන් නැවත සමාලෝචනය කිරීම අත්‍යවශ්‍ය බව ශ්‍රීලංකා මහ බැංකුව නිර්දේශ කර ඇත. මහ බැංකුව මෙම නිර්දේශය නිකුත්කර තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම ආර්ථික විවරණ වාර්තාව (2024) මගිනි.

ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා පනවන ඕනෑම තීරු බද්දක් හමුවේ මෙරට අපනයන අංශයට විශාල බලපෑමක් ඇති කළ හැකි බවත් එබැවින් ඉක්මනින් මැදිහත් වීම සඳහා අවදානම් තත්ත්වයන් සලකා බැලිය යුතු බවත් ශ්‍රී ලංකා මහ බැංකුව එහිදී සඳහන් කර ඇත.

ඒ අනුව මෙරට විසින් විදේශීය වෙළෙඳපොළට යවන භාණ්ඩ සඳහා පනවා ඇති සහ අප රටේ භාණ්ඩ සඳහා එම රටවල් පනවා ඇති තීරුබදු අනුපාතයන් නැවත සලකා බැලීම අත්‍යවශ්‍ය බව එහිදී පෙන්වාදී තිබේ.

ඇමෙරිකානු රජයේ තීරු බදු වෙනස්කම්වලින් ශ්‍රී ලංකාවේ අනෙකුත් වෙළෙඳ හවුල්කාර රටවලටද ඇති විය හැකි බලපෑම නිසාද ශ්‍රී ලංකාවේ අපනයනයට අහිතකර බලපෑම් ඇති විය හැකි බවද මහ බැංකුව එම වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Previous articleමේ සිස්ටම් එකේ අග්‍රගණ්‍ය මිනිසා රනිල් : අපි ගෙනයන්නෙත් ඔහුගේ වැඩපිළිවෙලයි – ඇමති ලාල් ප්‍රසිද්ධියේ කියයි !
Next articleපුංචි ජන්දයේ පැමිණිලි ගලයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here