Home අද බොරැල්ල පොලිස් බල ප්‍රදේශයේ උද්ඝෝෂණ පැවැත්වීම පාර්ශ්ව කිහිපයකට වාරණ!

බොරැල්ල පොලිස් බල ප්‍රදේශයේ උද්ඝෝෂණ පැවැත්වීම පාර්ශ්ව කිහිපයකට වාරණ!

97
0

බොරැල්ල පොලිස් බල ප්‍රදේශයේ, බොරැල්ල කාසල් රෝහල ඉදිරිපිට හෝ ඒ අවට අද (27) උද්ඝෝෂණ පැවැත්වීම, පෙළපාලයෙන් ගමන් කිරීම, මාර්ගවල ධාවනය වන වාහනවලට බාධා වන ආකාරයට කටයුතු කිරීම, රාජ්‍ය ආයතනවලට ඇතුල්වීම වළක්වමින් පාර්ශ්ව කිහිපයකට කොළඹ ප්‍රධාන අධිකරණය මගින් වාරණ නියෝගයක් නිකුත්කර ඇත.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මදුශාන් ඉන්ද්‍රජිත් , සමසෞඛ්‍ය විද්‍යාව උපාධිධාරී එකමුතුවේ සම කැඳවුම්කරු එම්.එන්.එම්.නූරිස් , සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතු ලේකම් නඳුන් දර්ශන හේවාපතිරණ සහ පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් යන අයට මෙම නියෝගය නිකුත් කර තිබේ.

සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීමට පවත්වනු ලබන තරග විභාගය ට විරෝධය පළ කරමින් අද උද්ඝෝෂණ පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබෙන බවට බොරැල්ල පොලිසියට ලැබී ඇති තොරතුරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබා දී ඇත.

මේ අතර පරිපූරක වෘත්තිකයින්ගේ සේවාවට අයත් පාඨමාලාවන් සදහා උපාධිධාරින් බඳවා ගැනීමේ තරග විභාගය  මධ්‍යස්ථාන කිහිපයකදී අද පැවැත්වීමට නියමිතය.

Previous articleජනනායක පාර්ට් 2 මන්නාරම – ත්‍රී’මලේ අධිවේගය හැදුවොත් උතුර දකුණ වෙන් වෙනවා – ගරු අමාත්‍ය විජිත හේරත්!
Next articleපුංචි ආණ්ඩුවල අපේක්ෂකයන් 29ක් පොලිස් අත්අඩංගුවේ !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here