2024 වසරේ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබෙන අතර ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට 177,588 දෙනෙක් සුදුසුකම් ලබා ඇත. ප්‍රතිඵල දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙතින් නැරඹිය හැකිය.
ඒ සඳහා පාසල් අයදුම්කරුවන් 149,964ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 27,624ක්. ඇතුලත් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මෙවර භෞතික විද්‍යා අංශයේ විෂය ධාරාවේ දිවයිනේ පළමු වැනියා බවට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ලෙසදුන් රන්සර කුමාරගේ ශිෂ්‍යයත් , වාණිජ අංශය ප්‍රථම ස්ථානය කොළඹ විශාඛා විද්‍යාලයේ අමාරි දුලාරි ශිෂ්‍යාවත්, ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය කුරුණෑගල මලියදේව කාන්තා විද්‍යාලයේ සදිති නිම්හාරා ශිෂ්‍යාවත් හිමි කරගෙන ඇත.
ගණිත අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත්ව ඇත්තේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ දර්ශන කුමාරගේ ශිෂ්‍යා වන අතර කලා අංශයේ ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනාලි චමත්කා රණසිංහ ශිෂ්‍යාව හිමි කරගෙන ඇත.