Home අද ඩොලර් ශත 7 කතාව අදානි ප්‍රතික්ෂේප කරයි !

ඩොලර් ශත 7 කතාව අදානි ප්‍රතික්ෂේප කරයි !

330
0

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ගිවිසුමේ සිදුකරන ලද බව කියන වෙනස්කම් සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාරය අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගම ප්‍රතික්ෂේප කර සිටියි.

නිවේදනයක් නිකුත්කරමින් එම සමාගම මේ බව සඳහන් කරන අතර කිලෝවොට් පැයකට ශත 7ක් දක්වා මිල සංශෝධනය කිරීමට සිය සමාගම එකඟ වී ඇති බවට කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බවද සඳහන් කර තිබේ.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

ගිවිසුම සම්බන්ධයෙන් අදාළ ශ්‍රී ලාංකික බලධාරීන් සමඟ ඇති කරගත් ගිවිසුමේ මුල් එකඟතාවන්ට අප සම්පූර්ණයෙන්ම කැපවී සිටින අතර, Adani Green Energy SL Ltd හි ආයෝජන සැලසුම් සහ ව්‍යාපෘති පරාමිතීන්වල කිසිදු වෙනසක් සිදු වී නොමැති බව ද වැඩි දුරටත් දන්වා සිටින්නෙමු.

යෝජිත සුළං බල ව්‍යාපෘතියෙන් සමාගම ගෞරවාන්විතව ඉවත් වී ඇති අතර, ශ්‍රී ලංකා රජය කවදා හෝ නැවත සලකා බැලීමක් සිදු කළ හොත්, ඕනෑම සංවර්ධන අවස්ථාවක් භාර ගැනීමට තමන් සැමවිටම සූදානමින් සිටින බව ද අදානි සමූහය නැවතත් තහවුරු කරයි

Previous articleපුංචි ඡන්දය මැයි 06 !
Next articleරිය අනතුරක් කර නීතීඥවරයෙකුට මරණ තර්ජනය කිරීම – ලොහාන් නිදහස් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here