පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන හයේශිකා ප්‍රනාන්දු මහත්මියට ප්‍රභූ ආරක්ෂාව ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය සිදු කළ දැනුම් දීමකට අනුව බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් ඇගැයීම සඳහාා අප්‍රේල් මස 17-18 යන දිනවල න කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති උත්සවයට සහභාගි වීම සඳහා ඇයට ආරක්ෂාව සපයා තිබිණි.
ගුරුවරිය පැමිණි රථය සමගම පොලිස් යතුරු පැදි 03 ක් ප්‍රභූ ආරක්ෂක රථයක් භාවිත කරමින් ආරක්ෂාව සැපයීමට ක්‍රියා කිරීම සම්බන්ධව පුළුල් කථිකාවක් රට තුළ නිර්මාණය විය
ජනාධිපති, අගමැති, මන්ත්‍රීවරු සහ හිටපු ජනාධිපතිවරුන් යන අය වෙනුවෙන් ලබා දෙන ආරක්ෂක නිලධාරීන්ගේ සංඛ්‍යාව අඩු කර තිබෙන අවස්ථාවක රාජ්‍ය මුදල් වැය කරමින් ගුරුවරියකට ප්‍රභූ ආරක්ෂාවක් ලබා දුන්නේ කාගේ උවමනාවකටද යන්න පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයක් ද ඇතිවී තිබිණි.
කෙසේ නමුත් හයේෂිකා ප්‍රනාන්දු සහභාගී වන වැඩසටහනට 30,000 අධික පිරිසක් සහභාගි වීමට නියමිත බැවින් ඔවුන් වෙනුවෙන් අවශ්‍ය ආරක්ෂාව සලසා දෙන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් කරන ලද දැනුම් දී මකට අනුව අදාළ ඒ මහත්මියට ආරක්ෂාව ලබාදීමට ක්‍රියාකර ඇති බව ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පසුගියදා ප්‍රකාශ කළේ ගුරුවරියකට පොලිස් ආරක්ෂාව ලබාදීම සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කරන බවයි.