Home අද නිවසක් තැනීමට රජයෙන් ලක්ෂ 10 ක් !

නිවසක් තැනීමට රජයෙන් ලක්ෂ 10 ක් !

114
0

“ඔබට ගෙයක් – රටට හෙටක්” තේමාව යටතේ දිළිඳු හෝ අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටලුව සහ ඒ හා බැඳි දරිද්‍රතාව අඩු කිරීම අරමුණු කර ගනිමින් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස වැඩසටහන යටතේ රජය විසින් මෙතෙක් ලබාදුන් ආධාර මුදල වැඩිකිරීමට නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන තිබේ.

මෙම වැඩසටහන යටතේ සෑම ග්‍රාම නිලධාරි වසමකම දිළිඳු හෝ අඩු ආදායම්ලාභී එක් පවුලක් ප්‍රමුඛතාව මත හඳුනා ගෙන නිවසක් ඉදිකිරීම / වැඩි දියුණු කිරීම පිණිස ඉදිකිරීමේ ප්‍රගතිය මත පදනම්ව ආධාර මුදල් පිරිනමනු ලබන අතර තෝරාගනු ලබන ප්‍රතිලාභියා විසින් අවම වශයෙන් වර්ග අඩි 550ක නිවසක් ඉදි කළ යුතු වේ. ඒ සඳහා රජය විසින් ලබා දෙන රුපියල් 650,000/-ක ආධාර මුදලට අමතරව ඉතිරි මුදල අදාළ ප්‍රතිලාභියා විසින් දැරිය යුතුය.

වැඩසටහන ආරම්භයේදී එක් නිවසක ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් 1,147,000/- ක් වූ නමුත් මේ වන විට එම පිරිවැය රුපියල් 1,764,000/- ක් දක්වා වැඩි වී තිබේ.

ඒ අනුව රජයේ ආධාර මුදලට අතිරේකව ඉතිරි මුදල දැරීමට තෝරාගනු ලබන ප්‍රතිලාභීන්ගේ ආර්ථික තත්ත්වය අනුව හැකියාවක් නොමැති බැවින් දැනට නිවාස ඒකකයක් සඳහා ලබා දෙන රුපියල් 650,000/- ක් වන රජයේ ආධාර මුදල රුපියල් 1,000,000/- ක් දක්වා වැඩි කිරීම මේ යටතේ සිදුකෙරේ.

Previous articleමැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවයි !
Next articleජනපතිගෙන් සූදු ක්‍රීඩා නියාමන අධිකාරියක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here