Home අද මාධ්‍යවේදි කීත් නොයාර් ට පහරදීම : අත්අඩංගුවටගත් හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනාට...

මාධ්‍යවේදි කීත් නොයාර් ට පහරදීම : අත්අඩංගුවටගත් හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනාට ඇප !

39
0

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනුලැබූ හිටපු ශ්‍රී ලංකා හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනාට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 42 හා 46 වයස්වල පසුවන නවගත්තේගම හා උලුක්කුලම ප්‍රදේශවල පදිංචි යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සිටි විශ්‍රාමික සෙබළුන් දෙදෙනෙකි.

මාධ්‍යවේදී කීත් නොයාර් 2008 වසරේ මැයි මාසයේ දී පැහැරගෙන ගොස් පහරදී තිබුණි.

මෙම සිදුවීම සම්බන්ධව සිදුකරන විමර්ශන වලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (01) සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබිණි .

කීත් නොයාර් පැහැරගැනීම සම්බන්ධයෙන් හිටපු යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

Previous articleජනපති මැතිඳුගේ ප්‍රාර්ථනය ඉටුවෙයි : සිරි දළදා දැක්මට දින නියමවෙයි !
Next articleඛණිජ තෙල් බෙදුම්කරුවන් සහ ආණ්ඩුවේ අර්බුදය අපේ පිට දාන්න එපා : කංචන සියල්ල හෙළිකරයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here