Home අද පළාත් පාලන මැතිවරණය මැයි මුල් සතියේ ?

පළාත් පාලන මැතිවරණය මැයි මුල් සතියේ ?

188
0

යෝජිත පළාත් පාලන මැතිවරණය මැයි මස මුල් සතියේ පැවැත්වීමට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මාර්තු 17 – 20 කාලය තුළ මැතිවරණයට අදාළ නාම යෝජනා ගෙන අවසන් වන බැවින් මැයි පලමු සතියේ මැතිවරණය පැවැත්වීමට වැඩි සම්භාවිතාවක් පවතී.

එසේම මෙම සතිය තුළ මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධව අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම විසින් සියලු පක්ෂ නියෝජිතයන් කැඳවා සාකච්ඡා කිරීමට නියමිත බවද එම ආරංචි සඳහන් කර සිටියි.

විශේෂයෙන් වත්මන් ආණ්ඩුවට මැතිවරණය කඩිනමින් පවත්වා ගැනීමට අවශ්‍යව තිබෙන බවත්, එහිදී පසුගිය මහ මැතිවරණයේ පැවති ජනප්‍රියත්වය ඒ ආකාරයටම පවතීද නැද්ද යන්න පිළිබඳව පැහැදිලි අදහසක් ගැනීමට හැකිවනු ඇති බවත් අප ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කර සිටියි.

Previous articleලක්ෂ්මන් යාපා පොහොට්ටුවේ මාතර දිස්ත්‍රික් නායකත්වයට !
Next articleපාර්ලිමේන්තු වරප්‍රසාද ඉස්සරහට දාලා මාධ්‍යට තර්ජනය කරන්න ලෑස්ති වෙන්න එපා!- චමින්ද විජේසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here