Home අද ඛණිජ තෙල් බෙදුම්කරුවන් සහ ආණ්ඩුවේ අර්බුදය අපේ පිට දාන්න එපා : කංචන...

ඛණිජ තෙල් බෙදුම්කරුවන් සහ ආණ්ඩුවේ අර්බුදය අපේ පිට දාන්න එපා : කංචන සියල්ල හෙළිකරයි !

273
0

ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ ලාභාංශ කොටස් පිළිබදව පසුගියදා සිදු කරන ලද අසත්‍ය සහ නොමග යවන ප්‍රකාශ පිළිබඳව විශේෂ පැහැදිලි කිරීමක් හිටපු බලශක්ති ඇමති කංචන විජේසේකර විසින් සිදුකර තිබේ.

සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති අතර, එහිදී අදාළ ආතතිගත තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුවට වගකීම පවරමින් වත්මන් ආණ්ඩු පාර්ශ්වයන් සිදුකළ ප්‍රකාශ අභියෝගයට ලක්කර තිබේ.

ඒ සම්බන්ධව “ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ ලාභාංශ කොටස් පිළිබදව පසුගියදා සිදු කරන ලද අසත්‍ය සහ නොමග යවන ප්‍රකාශ පිළිබඳව – ” මැයින් හිටපු ඇමති කංචන විජේසේකර තැබූ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි .

 

Clarification on the false and misleading statements regarding the court order on the dealer margins –

පසුගිය දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රජයේ නියෝජිතයන්, විවිද දේශපාලන නියෝජිතයන්, සමාජ මාධ්‍ය නියෝජිතයන් සහ මාධ්‍ය මගින් පැවති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය විසින් අධිකරණය මගින් ලබා දී තිබු නියෝග ක්‍රියාත්මක නොකර බෙදුම්කරුවන්ට වාසි සහගත ලෙස කටයුතු කල බව සහ අය විය යුතු මුදල් අය නොකර ගත් බව අසත්‍ය ලෙස ප්‍රකාශ කර සිටින ලැබුණි.

පසුගිය කාලයේ ලාභංශ ප්‍රතිශත පිලිබඳ තීරණ ක්‍රියාත්මක කිරීමේදී, ඛණිජ තෙල් බෙදුම්කරුවන් පසුගිය 2022 වසරේ මාර්තු මස මහාධිකරණයේ සහ 2023 වසරේ අභියාචනාධිකරණය මගින් එම තීරණ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ලංකා ඛණිජ තෙල් සංස්ථාවට එරෙහිව තහනම් නියෝග දෙකක් ගනු ලැබුණි.

එම තහනම ඉවත් කරමින් අභියාචනාධිකරණය මගින් සංස්ථාවේ තීරණය ක්‍රියාත්මක කරන ලෙස 2024 වසරේ අගෝස්තු 30වන සිකුරාදා නියෝගයක් නිකුත් කරනු ලැබුණි. එම නියෝගය විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය වෙත සැප්තැම්බර් මස 2 වන සඳුදා ලබා දෙන ලැබුණි.

එම නියෝගය අනුව අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නීතිපති දෙපාර්තමේන්තුවට එම නියෝගය පිළිබඳව උපදෙස් ලබා දෙන ලෙසත් ඛණිජ තෙල් සංස්ථාවට එම නියෝගය අනුව කටයුතු කරන ලෙස දැන්වත් කරනු ලැබුණි.

ඒ අනුව කටයුතු කිරීමේදී ඛණිජ තෙල් බෙදුම්කරුවන් නැවත එම නියෝගයට අභියාචනයක් සැප්තැම්බර් මස දෙවන සතියේ ශ්‍රේෂ්ඨධිකරණයට ඉදිරිපත් කරන ලදි. එහි පළමු නඩු විභාගය සැප්තැම්බර් මස 18 වන දින සිදු විය.

සැප්තැම්බර් මස 23 වන දිනෙන් පසු පැවති රජය වෙනස් වීමත් සමග ශ්‍රේෂ්ඨධිකරණය ලබා දුන් නව තීරණය, නීතිපතිවරයාගේ උපදෙස් හෝ ඛණිජ තෙල් සංස්ථාව ක්‍රියාත්මක කල ක්‍රමවේදය පිළිබඳව මා හට අවබෝධයක් නොමැත.

කංචන විජේසේකර

ඇමුණුම් – අභියාචනාධිකරණය මගින් ලබා දුන් නියෝගය, ලංකා ඛණිජ තෙල් සංස්ථාව අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීමට ගත් ක්‍රියාමාර්ග, බෙදුම්කරුවන් එයට විරෝධය පල කර ඒවා තිබු ලිපිය

Clarification on the false and misleading statements regarding the court order on the dealer margins –

Some individuals of the President President Anura Kunara Dissanayake Government, political activist, social media activist and main stream media made false and misleading allegations yesterday, that the previous govt of President Ranil Wickremesinghe did not act on a court order on the dealer margins against the petroleum dealers in 2023 and failed to recover money due to CPC from them.

The petroleum dealers association obtained court orders in the high court in 2022 & court of appeal in 2023 preventing the previous govt from implementing a tariff formula approved by the CPC.

The court of appeal gave an order revoking the previous order on Friday the 30th of August 2024 and was received by the Ministry on Monday the 2nd of September 2024.

The secratary to the Ministry of Power & Energy took steps to immediately, to write to the Attorney Generals Department inquiring directions and their opinion on the order to implement it & instructed CPC to take appropriate steps to implement the order.

The petroleum dealers association appealed again in the Supreme Court in the second week of September 2024 and the first hearing was held on the 18th of September.

I don’t know if there was any order that was granted by the Supreme Court or whether the Ministry received the opinion from the attorney generals office or what the opinion was since the 23rd of September 2024.

Kanchana Wijesekera

Attachments – Order from the court of appeal, CPC board paper to implement the order, letter from the dealers association against implementing of the order.

May be an image of text that says 'IN THE HIGH COURT OF CIVIL APPEAL OF THE WESTERN PROVINCE HOLDEN IN COLOMBO IN THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA The Petroleum Dealers' Association Lanka Filling station, No. 230, Dandugama, Ja-Ela. Civil Appellate High Court Case No: WP/HCCA/COL/227/2022/LA Plaintiff-Petitioner Plaintiff- District Court of Colombo Case No. 183/22 DSP Vs. Ceylon Petroleum Corporation No. 609, Dr. Danister de Silva Mw, Colombo 09. Defendants-Respondent Defendants s-Respondent COURT OURT OF CIVIL APP ো 30 AUG 2024 Ben Hewa Associates (Pvt) Ltd, Lanka Filling Station, SSTERI FRM OmpA Suriya Wewa Plaintiff- Plaintiff-Petitioner Petitioner'

May be an image of text

May be an image of ‎blueprint, ticket stub and ‎text that says '‎Board Paper Ceylon Petroleum Corporation Paper No. ලංකා Circulation Meeting No. Division Nature Paper : Committee .Ti Titleo Approval Paper Advise Objective: Court Information WP/HCCA/COL/227 Background: Corporation Committee September consider the (Attachment1) Miesiry memberse September matter the PCBoard. orther information, Discussion: Board 03 court 008.2024 Take benefi prevading Cabinet per revision made 1.08.2024 and Take steps ලංක Continuation- (Page,--.---) ormmula address ec of Ministry OMET the Management Committee sought fthe Board Directors مکناسل the Peint No 0.0 01 01. 1 and do stated under Actg- Refinery Manager Managing (HIR&A) Ihishanthe kvelwamash DGM( (M) בוחל‎'‎‎

May be an image of oil refinery and text

 

Previous articleමාධ්‍යවේදි කීත් නොයාර් ට පහරදීම : අත්අඩංගුවටගත් හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනාට ඇප !
Next articleචූටි චූටි පොඩි පොඩි කතන්දර වෙනවා – ඒවා ජාතික ප්‍රශ්න නෙමෙයි – නාමල් කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here