Home අද පුංචි ඡන්දයට අද සිට ඇප මුදල් භාරගැනේ !

පුංචි ඡන්දයට අද සිට ඇප මුදල් භාරගැනේ !

52
0

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් භාරගැනීම අද (03) සිට ලබන 19 වැනිදා මධ්‍යහ්න 12.00 දක්වා භාරගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ, එම කාලය තුළ පෝය, සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඇප තැන්පත් භාරගැනීමක් සිදු නොකරන බවයි.

එමෙන්ම මාර්තු 17 වැනිදා සිට මාර්තු 20 වැනිදා මධ්‍ය්හන 12.00ට නාම යෝජනා භාරගැනීමට සැලැසුම් කර තිබේ. ඒ ඒ තේරීම්භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් හෝ දිසාපති කාර්යාලවලදී නාමයෝජනා භාරගැනීම සිදු කෙරේ.

මෙම මැතිවරණයෙන් පළාත් පාලන ආයතන 336ක නියෝජිතයින් පත් කරගැනීම අපේක්ෂා කෙරෙන අතර එහිදී මහ නගර සභා 28ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 272ක් සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති, නියෝජ්‍ය සභාපති සහ සභිකයන් තෝරා පත් කරගැනීමට නියමිතය.

අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුනෙයි මහ නගර සභාව සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව, මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම ප්‍රාදේශීය සභාව, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනගරි ප්‍රාදේශීය සභාව හා ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශී සභාව යන පළාත් පාලන ආයතන සඳහා නාමයෝජනා භාර නොගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

No description available.

Previous articleබොරතෙල් මිළ ඉහළට !
Next articleලක්ෂ්මන් යාපා පොහොට්ටුවේ මාතර දිස්ත්‍රික් නායකත්වයට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here