ඛනිජතෙල් බෙදුම්කරුවන් සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතිවී අතර ඇතිවී තිබෙන ගැටළුව තවදුරටත් ඔඩු දුවමින් පවතී.
මේ සම්බන්ධයෙන් අවස්ථා කීපයකදීම රජයේ පාර්ශ්වයෙන් සිය ස්ථාවරය පැහැදිලි කළ ද බලශක්ති අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සැලකිය යුතු අදහස් දැක්වීමක් සිදුකර නොමැති අතර මාධ්‍ය ආයතන ගණනාවක් මේ සම්බන්ධයෙන් අදහස් දැනගැනීමට ඔහුව සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එම අවස්ථා ව්‍යර්ථ වී තිබෙන බව වාර්තා වේ..
තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සමග ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම වැඩි වශයෙන් සිදුකර ඇත්තේ තෙල් සංස්ථාවේ සභාපතිවරයා විසිනි. ඊට අමතරව කැබිනට් ප‍්‍රකාශක නලින්ද ජයතිස්ස මෙන්ම අදාළ විෂයෙන් පරිබාහිර අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද අදහස් පලකර තිබේ
එහෙත් මෙතෙක් විෂය භාර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් නිල පැහැදිලි කිරීමක් සිදුකර නොමැත.
මේ අතර රට පුරා ඉන්ධන බෙදුම්කරුවන් මේ වන විට කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පිටියට රැස්වී සිටින අතර ඒ ජනාධිපති අනුර දිසානායක මහතාට සංදේශයක් බාරදීම සඳහායි.
ගතවුනු පැය 48 තුළ කිසිදු ඉන්ධන ඇණවුමක් සිදු නොකළ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසන අතර තමන්ට සාධාරණ විසඳුම් ලබාදෙන තුරු ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකී සිටින බවද එම සංගමය කියා සිටී