රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (03) පෙරවරුවේ පවත්වා තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අමතර රාජකාරි දීමනාව සහ නිවාඩු දින දීමනාව කප්පාදුව සම්බන්ධයෙන් මෙහිදී විරෝධය පළ කර ඇති අතර ඒ සඳහා සාධනීය ප්‍රතිචාරයක් රජයේ පාර්ශවයෙන් නොලැබුණෙහොත් එළැඹෙන මාර්තු 05 දින සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයකට යාමට රජයේ නිලධාරීන්ගේ සංගමය අද දින තීරණය කර තිබෙන බව වාර්තා වේ.
මෙම රැස්වීමේදී අදහස් දක්මින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පවසා ඇත්තේ, “2025 අයවැය හරහා වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි යෝජනාව මූලික වැටුපෙන් 1/80 සහ නිවාඩු දින දීමනාව මූලික වැටුපෙන් 1/20 ක කියන අගයත් කප්පාදු කරලා. 1/80 වෙනුවට 1/120 ලබා දෙන බවත්, නිවාඩු දින දීමනාව 1/20 වෙනුවට 1/30 ලබාදෙන බවටත් තීන්දු තීරණ අරන් තියෙනවා. වෛද්‍යවරුන්ට හිමි අමතර රාජකාරි දීමනාව 1/80 නැවත ලබා දිය යුතුයි. නිවාඩු දින දීමනාව 1/20 නැවත ලබා දිය යුතුයි. 06 වෙනිදා වන විටත් මේ නිවැරදි කිරීම කරන්න, 07 වෙනිදා ඉඳන් අපි දැඩි තීන්දු තීරණ ගැනීමට නියමිතයි. 07 වෙනිදායින් පසු රජයට නැවත වරක් දෙවරක් සිතන්න වෙයි සෞඛ්‍ය සේවා පවත්වා ගන්නේ කොහොමද කියලා.” ” බවයි.
මෙහිදී ලේකම්වරයා වැඩිදුරටත් පවසා ඇත්තේ මාර්තු 06 වන දින වන විට මෙම නිවැරදි කිරීම සිදුනොවුවහොත් මාර්තු 07 දින සිට දැඩි තීන්දු තීරණ ගැනීමට රජයේ වෛචද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇති බවයි