Home අද කතානායක නිහඬයි : ගෞරවය රැකගන්න පාර්ලිමේන්තුව ආචාර්ය පට්ටම ගලවයි !

කතානායක නිහඬයි : ගෞරවය රැකගන්න පාර්ලිමේන්තුව ආචාර්ය පට්ටම ගලවයි !

1785
0

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 22 වන කතානායක ලෙස සැළකෙන අශෝක සපුමල් රන්වල ගේ ආචාර්ය උපාධිය වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කර තිබේ.

මීට පෙර එම වෙබ් අඩවියෙහි කතානායක නම ඉදිරියේ ආචාර්ය (DR) ලෙස දක්වා තිබිණ.

නමුත් සමාජ මාධ්‍ය තුළ කතානායක අශෝක සපුමල් රන්වල ගේ අධ්‍යාපන සුදුසුකම් ව්‍යාජ බව ප්‍රශ්න කෙරුණ අතර , ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මාලිමාව ආණ්ඩුව පිහිටුවීමට සැලකිය යුතු මතවාදී දායකත්වයක් ලබාදුන් පාර්ශ්ව පවා ප්‍රතිචාර දක්වමින් සඳහන් කර තිබුණේ චෝදනා සත්‍ය නම් කතානායකවරයා ඉල්ලා අස්විය යුතු බව අවධාරණය කරමිනි.

එහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි , එක්සත් රාජධිනියේ දේශපාලන රැකවරණ ලබා සිටින ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසුරිය ප්‍රධානය. එසේම හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ද ඒ බව අවධාරණය කර තිබිණ.

අල්ලස දූෂණය පිටුදැකීම මූලික සටන් පාඨය කරගෙන බලය ලබාගත් වත්මන් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත. එසේ නමුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වෙබ් අඩවිය කතානායක සම්බන්ධයෙන් දක්වනු ලැබූ ආචාර්ය සංඥාර්ථ ඉවත් කර ඇත .

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරක අදහස වී තිබෙන්නේ පාර්ලිමේන්තුවේ මෙකී විෂය භාර අයවලුන්ගේ ක්‍රියාව නිවැරදි බවයි. මේ ආකාරයෙන් බරපතළ චෝදනාවක් එල්ලවීම හමුවේ වඩාත් නිවැරදි සහ වත්මන් ආණ්ඩුවේ අඩංගුවට අනුව චෝදනා සම්බන්ධයෙන් ක්ෂණික ප්‍රතිචාර දැක්වීමක් අවශ්‍ය බව ඔවුන් පවසයි. එහෙත් එවැනි ප්‍රතිචාරයක් නොමැති අවස්ථාවක ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ වන උත්තරීතර පාර්ලිමේන්තුවේ ගෞරවය රැකගන්න ක්‍රියාත්මක වීම එහි සේවය කරන නිලධාරීන් ගේ වගකීම සහ වගවීම බවද විචාරකයන් පෙන්වා දෙයි .

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 22 වන කතානායක ගේ නම්බුනාම සංශෝධනය වූ ආකාරය පහත දැක්වෙයි .

May be an image of text

May be an image of text

No description available.

ඒ සම්බන්ධයෙන් Newshub.lk මීට පෙර වාර්තා කළ පුවත පහත සබැඳියෙන්..

ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කරලා : කථානායක රන්වලට බරපතළ චෝදනාවක් !

Previous articleගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රය බල ගන්වන IIHS ආයතනයේ 16 වැනි උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව පැවැත්වේ
Next articleහාල් ආනයනයේ කොමිස් කුට්ටිය කෝටි 770ක්.? (අහස පොළොව නුහුලන හෙළිදරව්ව මෙන්න)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here