Home අද රුහුණට හරිනිගෙන් නිසි බලධාරියෙක් !

රුහුණට හරිනිගෙන් නිසි බලධාරියෙක් !

2
0

රුහුණ විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා එම විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට නිසි බලධාරියා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්. එම්. යූ. එස්. කේ. රත්නායක පත් කර තිබේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය විසින් 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4)(ආ) වන වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව අද (24) අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් මෙම පත්කිරීම සිදුකර ඇත.

එකී ගැසට් නිවේදනය අනුව හෙට (25) සිට බලපැවැත්වෙන පරිදි අදාළ පත්කිරීම සිදුකර තිබේ.

රුහුණ විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු බරපතල ලෙස අවුල් වී ඇති බවට සහ එය සාමාන්‍ය තත්ත්වයට නැවත පත් කිරීමට එම ආයතනයේ බලධාරීන් අපොහොසත් වී ඇති බව ද එම ගැසට් පත්‍රයේ සඳහන් වේ.

රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස බල කරමින් එහි අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩලය වර්ජනයක් පසුගියදා ආරම්භ කෙරිණි.

එම වර්ජනය සඳහා විශ්වවිද්‍යාල සිසුන්ගේ ද සහාය හිමිව තිබිණ.

Previous articleඅනුරගේ තවත් පොරොන්දුවක් කඩවෙයි : මේ වසරේ විදුලි බිල අඩු වෙන්නේ නෑ !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here