සිය 41 වැනි උපන්දිනය සමරමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ අද එම අමාත්‍යංශයේ වැඩ බාරගනු ලැබුවා.
ලංකාව අද තිබෙන තාවයට විසඳුම කර්මාන්ත ක්ෂේත්රය දියුණු කරගැනීම බව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.
ලෝකයට සාපේක්ෂව පසුගිය දහසක 03 තුල මෙරට කර්මාන්ත ක්ෂේත්රය ප්රවර්ධනයක් ලබාගෙන නොමැති බවත් කාර්මික තාක්ෂණය හෝ ඵලදායිතාව යන අංශවලින් මෙතෙක් රාජ්‍ය සහය කර්මාන්ත කරුවන්ට නොලැබුන බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
ඒ හේතුවෙන් විශාල වෙළඳ ශේෂයක් සහිතව ලංකාව ආර්ථික අර්බුධයකට හසුවූ බව ඒ මහතා වැඩි දුරටත් කියා සිටියා.
වෙනත් රටවල් වේගයෙන් දියණු වූ සෙයින් තම අමාත්‍යාංශය මඟින් ලබාදෙන සේවා හා සහාය මඟින් කර්මාන්ත අංශයත් රාජ්‍ය සේවයත් රජයත් එක්ව කර්මාන්ත ක්ෂේත්රයේ පුනර්ජීවනයක් ලබාගනීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව වැඩිදුර අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියා.