පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා දේශීය හා විදේශීය නිරීක්ෂකයින් 10,000 අධික පිරිසක් යොදවා ඇත.
මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා පැෆරල් සංවිධානය මගින් නිරීක්ෂකයින් 500 ක් පමණ රට පුරා යොදවා ඇති බව එම සංවිධානය තහවුරු කරයි.
විදේශ රටවලින් මැතිවරණ නිරීක්ෂකයින් 43 කු පැමිණ සිටින අතර යුරෝපා සංගමයෙන් තිදෙනෙක් සහ UNIFILසංවිධානය 30 දෙනෙක් වශයෙන් යොදවා තිබේ.
ජංගම නිරීක්ෂණ කටයුතු සඳහා සංවිධාන අටකට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් අවසර ලබාදී ඇත.
මේ අනුව මෙවර මහ මැතිවරණයේ නිරීක්ෂණ කටයුතුවල නිරතව සිටින සියලු නිරීක්ෂකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මැතිවරණ කොම්ෂන් සභාව කටයුතු සූදානම් කර තිබෙන බව එම කොමිසමේ නිලධාරියෙක් පැවසීය.