Home අද මන්ත්‍රී නිල නිවාස වලින් නොයන අයට වෙන දේ මහ ලේකම් ලිඛිතව දැනුම්දෙයි

මන්ත්‍රී නිල නිවාස වලින් නොයන අයට වෙන දේ මහ ලේකම් ලිඛිතව දැනුම්දෙයි

32
0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ මෙතෙක් ආපසු බාර නොදුන් නිල නිවාසවල ජල සහ විදුලි සැපයුම විසන්ධි කිරීමට පාර්ලිමේන්තු බලධාරීන් තීරණය කර ඇත.

මෙතෙක් භාර නොදුන් නිල නිවාස වහාම භාර දෙන ලෙසත් එසේ නොකරන සියලු නිල නිවාස වල ජල සහ විදුලි සැපයුම විසන්ධි කරන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය දැනට නිවාස වල පදිංචිව සිටින පසුගිය රජයේ මන්ත්‍රීවරුන් වෙත ලිඛිත දැනුම් දීමක් කර තිබේ.

මාධ්‍යවල නිවාස සංකීරණයේ මන්ත්‍රී නිල නිවාස 110 ක් පමණ තිබෙන අතර ඉන් නිවාස 35ක් තවමත් භාරදීමට කටයුතු කර නැති බව මහ ලේකම්වරිය පැවසුවාය.

මෙම නිල නිවාස වල තවමත් පසුගිය රජයේ හිටපු මන්ත්‍රීවරු රැඳී සිටින බව පවසන කුෂාණී රෝහණදීර මහත්මිය අලුතෙන් පත්වූ මන්ත්‍රීවරුන්ට වහාම ඒ නිල නිවාස භාරදීමට තිබෙන බව ඇය පවසන්නීය.

පසුගිය මහා මැතිවරණය ජයග්‍රහණය කළ පැවති ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් එම නිල නිවාසවල සිටිනවා නම් ඒ අයට පමණක් තවදුරටත් ඒවායෙහි රැඳී සිටිය හැකි බව පෙන්වා දෙන මහා ලේකම්වරිය පරාජිත හිටපු මන්ත්‍රීවරු කිසිවෙකුටත් තවදුරටත් එම නිල නිවාසවල රැඳී සිටීමේ අයිතියක් නැති බව කුෂාණි රෝහලදීර මහත්මිය වැඩිදුරටත් අවධාරණය කළාය.

Previous articleඅවශ්‍ය හා සුදුසු වරප්‍රසාද ගන්නවා – පුරුෂ මූලික වටපිටාවකින් තොරව කාන්තාවන්ට දැන් දේශපාලනය කරන්න පුළුවන්
Next articleහරීන්, රොෂාන්, රමේෂ් සහ ප්‍රසන්න CID යට කැඳවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here