Home අද 10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද ඇරඹෙයි

10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද ඇරඹෙයි

42
0

දස වන පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම අද පෙරවරු දහයට ආරම්භ කිරීමට නියමිතය.

මේ සඳහා සහභාගි වීමට නියමිත නියමිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලූම දෙනා පෙරවරු 9.00 වන විට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ සිටිය යුතු බව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණී රෝහණදීර මහත්මිය දැනුම් දී ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට පෙරවරු එකොළහට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

මංගල සභාව රැස්වීමේ පළමු කටයුත්ත වන්නේ කතා නායකවරයා පත් කර ගැනීමය ඒ සඳහා නම් කිහිපයක් ඉදිරිපත් වුවහොත් කථානායකවරයා තෝරා ගැනීමට පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් කිරීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා පැවසීය.

නියෝජ්‍ය කතානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති පත්කර ගැනීමේ දී ඡන්ද විමසීමක් කිරීමට සිදුවුවහොත් ඊට ද සූදානමින් සිටින බව හෙතෙම සඳහන් කළේය.

Previous articleIIHS සමඟ එක් වී සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට අවස්ථාව
Next articleඅවශ්‍ය හා සුදුසු වරප්‍රසාද ගන්නවා – පුරුෂ මූලික වටපිටාවකින් තොරව කාන්තාවන්ට දැන් දේශපාලනය කරන්න පුළුවන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here