Home අද හෙට (14) ඡන්දය දාන්න යන්නේ මේ තොරතුරු දැනගෙන ද?

හෙට (14) ඡන්දය දාන්න යන්නේ මේ තොරතුරු දැනගෙන ද?

89
0

මහා මැතිවරණය පැවැත්වෙන හෙට දිනයේ යම් ඡන්ද මධ්‍යස්ථානයක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වුවහොත් එම ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය ශුන්‍ය කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

මහ මැතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වී සියලු ප්‍රතිඵල නිකුත් කර අවසන් වන තෙක් මැතිවරණ නීතිය තදින්ම ක්‍රියාවට නංවන ලෙස අදාළ සියලු අංශ වෙත උපදෙස් ලබා දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති අර් එම් ඒ එල් රත්නායක මහතා පැවසීය

මැතිවරණය නිදහස් හා සාධාරණව පැවැත්වීමට අදාලව ගත හැකි සෑම පියවරක්ම ගෙන තිබෙන බව සඳහන් කරන රත්නායක මහතා ඕනෑම හදිසි අවස්ථාවකදී කැඳවිය හැකි පරිදි පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව සූදානම් කර සිටින බව
සඳහන් කළේය

නිල චන්ද පත්‍රිකාව නොමැතිව වුවද මෙවර ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වා දුන්නේය.

ඡන්දය භාවිත කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ පූජ්‍ය පූජක හැඳුනුම්පත, එම දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති හැදුනුම්පත තහවුරු කිරීමේ ලිපිය, ආබාධිත තැනැත්තන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව තාවකාලිකව නිකුත් කළ හැඳුනුම්පත, යන හැඳුනුම්පත් වලින් එකක් ඡන්දය දීම සඳහා අනිවාර්ය බව මැතිවරණ කොම්ෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

14 වැනි දින තැපැල් ඡන්ද ගණන් කිරීම පස්වරු 4.15 ට සහ සෙසු ඡන්ද ගණන් කිරීම හෙට රාත්‍රී 7.15 පමණ ආරම්භ කිරීමට නියමිතව ඇත.

Previous articleනළු නිළි අපේක්ෂකයන්ගේ නිර්මාණ මැතිවරණයේ නිහඬ කාලයේ පෙන්වන්න එපා – මැතිවරණ කොමිසම
Next articleවිදෙස් රටවල තානාපති කාර්යාල වල කම්කරු සුභසාධන නිලධාරීන් ගැන සොයන්න විශේෂ කමිටුවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here