Home අද බදු නොගෙව්වොත් මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක බලපත්‍ර අත්හිටුවීමට තීරණයක්

බදු නොගෙව්වොත් මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක බලපත්‍ර අත්හිටුවීමට තීරණයක්

75
0

ගෙවීමට ඇති හිඟ බදු මුදල් මෙම මස 30 වැනිදාට පෙර නොගෙවන්නේ නම් රටේ ප්‍රධාන මත්පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව නීතිපතිවරයා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

මේ සම්බන්ධව සංජය මහවත්ත නමැති අය සහ තවත් පිරිසක් එක්ව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබූ අතර එම පෙස්සම අද කැඳවූ අවස්ථාවේ සුරාබදු කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් එරීන් පුල්ලේ මහතා මෙම දැනුම් දීම සිදු කළේය.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස මෙන්ඩිස් සමාගම, රෝයල් ඩිස්ට්ලරිස් සමාගම ඇතුළු මත්පැන් නිෂ්පාදන සමාගම් පහක් විසින් ගෙවිය යුතු හිඟ බදු මුදල් මේ මස 30 වැනිදාට පෙර ගෙවීමට කටයුතු කරන ලෙස දැනුම් දුන්නේය.

රුපියල් බිලියන හයකට ආසන්න මුදලක් මෙම සමාගම් බදු වශයෙන් ගෙවිය යුතු බවත් එම මුදල් ගෙවීම දිගු කාලයක සිට මගහැර ඇති බවත් නඩු වාර්තාව මගින් පෙන්වා දී ඇත.

අදාල බදු මුදල් අය කර ගන්නා ලෙස සුරාබදු කොමසාරිස්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් බදු ගෙවීම් පැහැර හැර ඇති සමාගම්වල මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අහෝසි අත්හිටුවන ලෙසත් පෙත්සම මගින් ඉල්ලා ඇත.

මෙම පෙස්සම ජනවාරි 22 වෙනිදා යළි කැඳවන ලෙස විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.

Previous articleඇමරිකාව ආරුගම්බේ සඳහා පැනවූ සංචාරක සීමා ඉවත්කරයි
Next articleවිදෙස්ගත ලාංකිකයන්ට උපත්, විවාහ හා මරණ සහතික තානාපති කාර්යාලයෙන්ම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here