Home අද නිහඬ කාලය තුලත් දහස් ගණනක් මැතිවරණ නීතිය කඩලා – මැතිවරණ කොමිසමට...

නිහඬ කාලය තුලත් දහස් ගණනක් මැතිවරණ නීතිය කඩලා – මැතිවරණ කොමිසමට පැමිණිලි

55
0

අද (14) දින පැවැත්වෙන මහා මැතිවරණයේ නිහඬ කාලය තුළ සමාජ මාධ්‍ය දහස් ගණනක් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීමේ ප්‍රවර්ධන කටයුතුවල නිරතව සිටි බවට මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ල ලැබී ඇත.

මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීමේ දැන්වීම් 500 ක් පමණ (ඊයේ) 13 වැනිදා වන විට සමාජ මාධ්‍ය තුළ පලකර තිබූ බවට පැෆ්රල් සංවිධානය විසින් මැතිවරණ කොමිසමට පැමිණිලි කර ඇත.

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක්, වට්ස්ඇප්, යූ ටියුබ් වැනි සමාජ මාධ්‍ය තුළ අද දිනය වනතෙක් අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරන දැන්වීම් හා එවැනි වෙනත් ප්‍රචාරණ කටයුතු දියත් කර තිබූ බවට මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි මගින් පෙන්වා දී ඇත.

පවතින මැතිවරණ නීති රීති උල්ලංඝනය කරමින් සිදුකර ඇති මෙම ප්‍රචාරණ කටයුතු පිළිබඳව මැතිවරණ කොමිසමේ දැඩි අවධානය යොමු වී ඇති බව එහි උසස් නිලධාරියෙක් පැවසීය.

Previous articleඡන්ද විමසීම ඇරඹේ – මේ දක්වා තත්වය මෙන්න
Next articleඡන්ද මධ්‍යස්ථානයක ස්ථාන භාර නිලධාරිනියක් හදිසියේ මිය යයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here